49

382 48 30
                                    

" මල්ලි කෙනෙක් නම් අඩුම ඔයාට වඩා අවුරුදු දෙකක් වත් බාලවෙන්න ඕනේ.. එහෙම වැරදෙන්න විදිහක් නෑ නේ හැබැයි  මොකද්ද ඒ වෙලා තියෙන්නේ"

"ඇයි දෙයියනේ මම විතරක් ඉතුරු වෙලා ඉන්නේ.."

"මේ අහන්නකො..හොයන්නේ නැතුව දුරට දේවල් හිතන්න එපා.. ම්ම්.. අපි බලමු ද.. අම්මගෙන් අහමු එයාල දන්නව නේ.. දැන් වෙලාව කියද..ඉන්න මම මල්ලිට කෝල් එකක් ගන්නම්"

මම මිහිදුම් ගෙ සාක්කුවෙන් එයාගේ ෆෝන් එක අරගෙන මල්ලිට කෝල් එකක් ගත්තා. රින්ග්ස් දෙකක් තුනක් ගියාම එයා ආන්සර් කරා.

"අම්මා ළඟ පාතක ඉන්නවද බන්"

"ආ..ඉන්න.. විනාඩියක් දෙන්න..ඉතින් අම්මගෙ එකට ගනිනනවකො හලො"

"උඹ ගත්ත එක ගිහින් දීපන්"

"ඕ පුතා.. මොකෝ මේ වෙලාවේ.."

"අම්මේ.කොහොමද ඉතින්"

"මම මේ උයන ගමන් නේ.. නංගිට නේබ'ස් ලා හම්බෙලා එයාල එක්ක සෙල්ලම් කරලා දැන් මේ අපි ගෙදර ආවේ."

"ආ...එයා කොහොමත් එහෙමනේ ඉක්මනට නැට්ටක්  අල්ලගන්නවා ... අම්මා...මම ලොකු දෙයක් අහන්න කෝල් එක ගත්තේ.."

"මොකද්ද පුතා."

"හිදුවා ගේ තාත්තාගේ බිස්නස් තියෙන්නේ .. ඒකේ මාතලේ ෆැක්ටරි එක තියෙන්නේ හිදුවට උනාට නුවර එළියෙ එක තියෙන්නේ වෙන කෙනෙක්ට නේ අම්මා.අම්මා දන්නවද ඒක"

"ඔයාලා බලන්න ගියාද..කෝල් කරාද"

"කෝල් කරා.."

"ම්ම්.. බිස්නස් බාර දුන්න ඒව ගැන අපි දන්නේ නෑ නේ පුතා.. කාටද තියෙන්නේ"

"ඒකේ ..මේ...කියන්නේ හිදුවගේ සහෝදරයෙක් ට කියලා.. ඒකත් මල්ලි කෙනෙක් ට"

"ම්..මගෙන් අහන්නේ ඒ කවුද කියලද"

"ඔව් අම්මා.. එයාලට වැරදීමක් වෙලාද දන් නෑ නේ"

"ලොකු කතාවක් පුතා ඒක..ඔතන හිදූ කොල්ලා ඉන්නවද"

"ඔව් ඉන්නවා...දෙන්නද"

"ඕනේ නෑ... අම්මලාට සෑහෙන්න ප්‍රශ්න තිබුනා.. මට හංඟන්න බෑ නේ ඔයාලා දන්නවා මම ඒ දේවල් දන්නවා කියලා.. ම්ම්..ඒත් මගේ හිත ඒ දේවල් කියන්න ඉඩ දෙන්නේ නෑ පුතාලා.. ඒ හැම දේම අතීතයේ වුණ දේවල්.. අම්මට සමාවෙන්න ආත්මාර්ථකාමි හිතකින් මට ඒ දේවල් කියන්න බෑ.. මම අප්පච්චිට ෆැක්ටරීස් දෙකට කෝල් කරන්න කියන්නම්.. ඔයාලා දෙන්නට ඒ දේවල් බලාගන්න පුලුවන් නම් ඒ දේවල් බාරගන්න.."

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now