32

448 62 20
                                    

බැජ් එකක් නැති එකේ දැන් පාඩම් කරන්න වෙනව පුප ඉරාගෙන. හැබැයි ස්පෝට්ස් කරන්න ඕනේ මේ ටිකේ. මොකද අපේ ජීවිතේ බැලන්ස් කරගන්න කියන්නේ මේ කාලෙ. ඒ අස්සේ කෑම්ප් ගිහින් හිදුවා උස යනව.මං එල්ලුනත් , ස්කිපින් කරත් උස යන්නෑ එව්ව නතර වෙලා. හිදුවයි මායි ගත්තොත් අයියයි මල්ලියි වගේ. හිදුවගෙ උරහිසෙන් මං අහලක් විතර කොටයි ඒත් කෙලින් බැලුවම මම අඟල් දෙක තුනක්ම කොටයි.

ඉස්කෝලෙදි ඒ කට්ටියගෙන් කලින් අවුරුද්දේ ඇති කරගෙන හිටිය ආදරේ එහෙමම ලැබුනා.රක්ෂිත මාව මඟාරිනවා. එයාගෙ ෆෝන් නම්බර් එක මගෙ ළඟ නැති වුණාට එයාගෙ ලඟ මගෙ එක තියෙනව.ඒත් කවදාවත් මොකුත් කියලා නම් නෑ. දැන් ඉතින් අපි තමා ඉස්කෝලේ ඉන්න ලොකුම පන්තිය.හැමදාම ඉස්කෝලෙ එන්න නම් නෑ උපකාරක පන්ති කියලා දෙයක් තියෙනවා නේ ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. සතියක් දෙකක් වගේ ගිහින් අපෙ වැඩ ගානට බැලන්ස් කරගන්න පුලුවන් උනා.කෑම්ප් එකට යන්න ඕනේ ඉස්කෝලේ යන දවසට විතරයි.කෑම්ප් යන එක ඒකාකාරි බවෙන් මිදෙන්න හොඳ දෙයක් වගේ.

අදත් කෑම්ප් ගිහින් ඇවිත් මහන්සියට මම ඇඳට ඇවිත් මගෙ ෆෝන් එකෙන් ශා එෆ් එම් ටියුන් කරා. ෆෝන් එක ඇඳ වටේ කරකලා චැනල් එක ඇහෙන්න හදාගත්තේ.මම හදාගන්නකොට ඒකෙ ඇඩ් එකක් යනවා.

"මේ මහත්තයා මං හිතට හිතක් අහන්න යන්නේ ඔයා අහනවද"

"ඔව්" හිදුවා මට පිටුපාලා මේසෙ වාඩි වෙලා කනේ කූරු දෙක ගහගෙන පාඩම් කරනවා.එයා අද කෑම්ප් ගියේ නෑ නේ.

"මාත් ආවා."ඇඩ් ඉවර වෙලා අහන්න ආස හිතෙන හින්දි සිංදු කෑල්ලක් එක්ක ආයෙම වැඩසටහන පටන් ගත්තා.

"ශෙවාන්...අද කියන්න විශේෂම දෙයක් පූජාට තියෙනවා...

.....මොකද්ද ඒ

...අපෙ පෙම් කුමාරයගේ පෙම් කුමාරයා අද හිතට හිතක් අහනවලු.."

හිදුවා ගැස්සිලා වගෙ මගේ පැත්ත හැරුනම මටත් නිකන්ම එයා දිහා බැලුනා.. මගෙ කන් රත් වෙලා ගියා.'පෙම් කුමාරයගෙ පෙම් කුමාරයා'එයා කිව්වේ එහෙම...ඉතින් රත් වෙන එක අහන්නත් දෙයක්ද.ශෙවාන්ලා තව මොනවදෝ කියවනවා .

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now