23

511 72 29
                                    

ජාතික නිදහස් දිනේ කිව්වට  අපිට නෑ ඕක.උදේ පාන්දර වෛද්‍ය නෝනා  මාවයි හිදුවවයි ඇහැරවව්වා පාඩම් කරන්න කියලා.  නැගිට්ටවලා පැයකට විතර පස්සේ මට නම් සිහිය ආවේ. පල්ලෙහ කට්ටිය නිදහස් උත්සවේ බලනවා. අපිත් පොඩි කාලේ බැලුවා පස්සෙ පස්සෙ තේරුණා ඒකේ කරන්නේ ලොක්කෙන්ට ආචාර කරන එක විතරයි අපිට බලන්න දෙයක් නෑ කියලා. අනේ ඇත්තට අනිත් දවස් ඔක්කෝගෙම සුද්දගෙ රටකට යන්න මාන බල බල අද විතරක් ඒකෙන් බේරුනාට සතුටු වෙන මිනිස්සු... ප්‍රෝඪාව මුන්ගෙ...

"කන්න දෙන්නම ඇවිත්.දැන් කී පාරක් කතා කරාද ..මට මැරෙනකොට අරන් යන්න නේ මේ නැගිට්ටවව්වේ. වෙන මොකක් හරි ඉස්කෝලෙ කෙහෙම්මලක් තිබ්බ නම් පැනගෙන යයි පාඩම් කරන්න කිව්වම තමා ඔක්කොම ගායවල් එන්නේ"

හිදුවයි මායි කන්න තමා ආවේ කොහෙද ඉතින් සුදු ඇඳගෙන අයියලා මාමලා හෙන ගැම්මෙන් මාච් කරනකොට අපෙ හිරිමල් හිත් නතර වුණා.

"මහ පාන්දර කතා කරානම් කමක් නෑ.වෙලාව බලන්න නවයත් පහුවෙලා."

කියවිල්ල බැරිම තැන අපි දෙන්නම ගිහින් කෑම මේසෙන් වාඩි වුණා. අනේ කවුරුත් අම්මා බනින එක ගනන් ගත්තේ නෑ. අප්පච්චි නංගි මල්ලි තුන් දෙනාම පාඩුවෙ ටීවි එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. අම්ම නම් තව බනිනවා. ඒ මදිවට පරිප්පු එක්ක බිත්තර තම්බලා . ඔය දෙක එකට කන්න බෑ කියල මං අනන්තවත් කියල ඇති.. දැන් කිව්වොත් නම් උයාගනින් කියයි. මැටි ගිලිනවා වගේ දුන්න දේ කාලා අපි ආවා පාඩම් කරන්න.

පාඩම් කරන්න කියන්නේ මිනිමයිස් කරපු ක්ලාස් රෙකෝඩින් එකක් තියාගෙන ඩියුටි ආෆ්ට ස්කූල් බැලුවා. කාවද රවට්ටන්නේ... අපිවම තමා..ඒත් ඉතින් ඩ්‍රාමා සීරීස් ලිස්ට් එකත් බලාගන්න ඕනේ නේ..අම්මා ඇවිත් යිය' ෆෝන් එක කනේ ගහගත්ත නම් ක්ලාස් එක අස්සේ ශිබල් ශීබල් කියනවත් ඇහෙයි...

ආයෙත් අම්මා ඇවිත් බැන බැන අපෙ කුණු රෙදි අරගෙන ගියා... උදේම කාව දැකලද මන්දා .

"ඇයි අර අම්මා ආවේශ වෙලා ඉන්නේ" මං හිදුවගෙන් ඇහුවේ ඒක මට කලින් නැගිට්ට හින්දා. ඌ දන්නෑ කියන්න උරහිස් ඇකිලුවා.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now