20

512 68 15
                                    

රිහසල් ඉවර වුණාම සේරම 2.30 ට ළමයි යවල 10 අයයි 12 අයයි විතරක් ග්‍රවුන්ඩ් එකේ ඉතුරු වුණා. ඒකෙත් කෙල්ලො අඩුයි.. කොල්ලොන්ගෙත් වැඩක් කරගන්න පුලුවන් සෙට් එකක් ඉදලා අනිත් අය ගියා. හෙට උදේ 9 ට පටන් ගන්න මීට් එකට අද  ඩෙකරේශන් කරන්න ඕනේ. මේ කාලෙත් හවස එක පාරටම වැස්ස පතබෑවෙන නිසා තමා මේ උදේට කරන්නේ.අවුරුද්දෙන් අවුරුද්ද ඒකත් වෙනස් වෙනව. 

අපි හවුස් ඩෙකෝස් කරන අය අයින් කරල ප්‍රිෆෙක්ට්ස්ලා අරගෙන මේන් පැවිලියන් එකේ ඩෙකොස් කරන්න බැලුවා.අපෙ හවුස් එක දිහා බැලුවොත්  ඇසිඩ් ගහනවා වගේ මේ පහුගිය සති දෙකේ අනිත් උන් හැසිරුනේ... වලි පිට වලි ගියා...

"මේ...ෆ්ලැග්ස් ටික අරන් එන්න බෑද. ප්‍රිෆෙක්ට් රූම් එකේ මේන් කී එක" අයිස් පලමකට වැඩේ දිදී උන්න සිසීව මම උඩට යැව්වේ හිටියනම් වැඩකරපන් නොකියා.

"බවේන්...ආ.. සිසී... අහ්..සියාරා  ඔහොම ඉන්න ටිකක්.. බවේන් මෙහ් අර අරකෙ එල්ලෙන්න දාන රෙදි ටිකත් කබඩ් එකටද දැම්මේ.."

"ඔව් ඔව්.. ෆ්ලැග්ස් එක්ක ඇත්තේ.. අයන් කරන්න ඕන් නැද්ද ෆ්ලැග්ස් අරවනම් ඕන්නෑ"

"ආහා හා.."

"මෙහ්.. ෆ්ලැග්ස් ටික එක්ක ඇති අර පැවිලියන් එකට දාන අලු පාට රෙදි සෙට් එක .තව කවුරු හරි එක්ක ගිහින් ඒ ටිකත් ගෙන්න ඕනේ... ඒ ටික ෆැල්ග් ටික අයන් කරන්න ඕනේ.. ඒකත් කරගෙනම අරගෙන එන්න.තනියම රූම් එකේ ඉන්න එපා.ඇතුළට ගියාම දොර ලොක් කරගන්න.එහෙ කවුරුත් නෑ.. කෝ කාත් එක්කද යන්නේ"

" මිලාරා  එක්ක"

"හා හා යන්න"

එයාව යවලා මම ආයෙ වෙල්නට් හවුස් එකට ගිහින් වාඩි වුණා. දැන් කියපන් ඔත්තු බලන්න ආවේ කියලා. බඩ හිල්වෙලා වගේ අර පොල්ල උස්සන් ගිහින්.. අඩේ ස්කොඩ් එකේ බෑන්ඩ් එකට පස්සේ මම යන්න ඉන්නේ...

"ආ අයියේ ...බොන්න.."

"තෑන්ක්ස් අප්පා.. උඹල කලු වෙලා වගේ " 10 බොක්කක් මට සෝඩා බෝතලයක් දුන්නා.

"අනේ මේ.. ඇත්තටම අයියේ ඔයා යන්තන් වත් කලු වෙලා නෑ.."

"එව්ව එහෙම තමා..ආ මේක ඔයාල බොන්න.මම යනවා"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now