07

746 93 19
                                    

හිදුවා හුම් ම්ම් ගගා මොනවදෝ අර මනුස්සයා එක්ක කිය කියා ඉන්නකොට මට නින්ද ගිහින්.පහුවදා අටේ ක්ලාස් එකට ගෙදරින් යනකොටම අට පහු වෙලා. ක්ලාස් එකට යනකොට අටයි තිහයි හරියටම.

සර් 'ඇයි මොනවද රෑ කරේ කරේ' කියලා ඇහුවම හෙනම හෙන ගොන් හිනාවක් දාලා අපි අකිත්ල ඉන්න තැනම වාඩි වුණා. ඉන්ටවල් එක ආවම මේ ක්ලාස් එක තියෙන පාරෙ ඇවිදලා කොකා කෝලා එකකුත් උස්සන් ඇවිත් ආයේ ඉගෙන ගත්තා. මේ පාර සුධර්මාරාමේ පාරද කොහෙදෝ .නමක් ගහල තියෙනවා පාර පටන් ගන්න තැන. යනකොට බලන්න ඕනේ.ඒක තමා මම හිතන්නේ.  කොකා කෝල විසයි නේ,අපි බොනවා. ඔයාලා බොන්න එපා .

අපෙ ඉන්ටවල් එක ඉවර වුණාම අපිට උඩ හෝල් එකේ ළමයින්ට ඉන්ටවල් දුන්නා .ඒකෙ එකෙක් ' අඩෝ තොපිල එක්ක බෑ මට බඩගිනි - http- 'කියලා බෙරිහන් දුන්නා. ඒක ඇහිලා අපේ ගුරුන් අපෙ දිහා බැලුවේ ඔයාලනම් නම් ඒව කියන්නේ නෑ නේ නේද වගේ කියන මූණකින්.

"පරුෂ වචන කිව්වම ලබන ආත්මේ වෙන්නේ මොකද්ද කියලා දන්නවද ළමයි"

"පරයෙක් වෙනවා"

මේ ඇත්තමයි ඒ එහෙම කිව්වේ පන්තියේ ඉස්සරහම පෝළිමක හිටපු කොල්ලෙක්. අම්මපා අපේ පෝළිමටම හයියෙන් හිනාව පැන්නා. අනිත් අය නම් හරි හෙමින් හිනා වෙනවා. මට නම් කදුළු එන්නම හිනා ගියා . මේක අහගන්න ,පන්තියේ පිටිපස්සේ පෝළීම් කියන්නේ උයාගෙන කන්න පුළුවන් තැනක් වුණාට ඉස්සරහ පෝළිම් වලට ගියාම උඩින් හොඳ නම අහගෙන යටින් කුප්ප වැඩ කරන්න පුළුවන්. මාට්ටු නොවී කරගන්න හැබැයි . නැත්තම් එක පෝළිමක් වත් නෑ . 

සර් කිව්වේ නෑ පරුෂ වචන කිව්වම ලබන ආත්මේ වෙන දේ.සර් ට උගන්නපු එකත් අමතක වෙලා මොකද්ද ළමයි අපි කරේ කියල අපෙන් අහල අපිටම ඉගැන්නුවා. කෙමිස්ට්‍රි ක්ලාස් ඉවර වුණේ පට්ට මද්දහනේග ඒකෙන් පස්සෙ 1ට ආයෙ පිසික්ස් හවස පහ හමාර වෙනකන්. ඒ දෙක කරගන්න ඕනේ මොනව නැතත්. මගෙ කකුල් තවම රිදෙනවා . හවස ගෙදර ඇවිත් අද නම් පාඩම් කරා ආයෙ අපිට ඉස්කෝලෙ මහලොකු වැඩක් තිබුනේ නෑ. පාරෙ නම සුධර්මාරාම පාර නෙවේ නේ ශ්‍රී ධම්මදස්සි මාවත.

"ඇයි ආ මිනිහද හැමදාම කෝල් අරගෙන කතා කරන්නේ" අද හිදුවා නානකොට ශෙහාන් කෝල් එකක් ගත්තා.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now