44

446 58 16
                                    

( මෙහි අන්තර්ගත ස්ථාන හැරුණකොට අනිතව සියල්ල මගේ ෆැන්ටසියේ මැවුන අපේ රට වන අතර සිරාවට ගැනීමෙන් මාව රටින් පිටුවහල් නොකරන්න.. )


" මට අප්පච්චි කතා කරල විස්තරේ කිව්වා."

මුතුරාජ් සර් ඒක කියලා අහක බලාගෙන කල්පනාවක. අපි දෙන්නට කියන්න දේකුත් නැතුව පහසුවෙන් හිටගෙන සර් ගේ මූණ දිහා බලන් උන්නා.

"... මං මේක කිව්ව කියලා කියන්න එපා අප්පච්චි මට කිව්ව කියන්න එපා කියලා. ඔය දෙන්න යන්න බෑ කියනවා නම් බලෙන් එක්කන් යන්නේ නෑ කියලා මට කිව්වා.ඒත් අම්මට ඔය දෙන්නව දාලා යන්න බයක් තියෙනවා. ඒක නිසා පුලුවන් උපරිමෙන් ඒ දෙන්න ඔයාලව එක්කන් යන්න ට්‍රයි කරන්නේ."

"....."

"....හරි දැන් ඔයාලා ...ම්ම්... මේක විසඳගන්න කෝම හරි. මගේ බාරෙට එයි ඔයාලා දෙන්නා.ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලට පුරුදු කරේ මගේ ළමයි දෙන්නා. ඒ දෙන්න විශම නිවුන්නු .. දැන් ඒ දෙන්න මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා නේවි එකටම යනවා. ඔයාලා දෙන්න තමා ෆුල් ලීඩ් කරන්න ඕනේ. අනිත් අර එදා දැම්ම ලීඩාස් ලත් ඉන්නවා. විශේෂයෙන් ශෙහාන් ඉන්නවා එයා හොඳ ඉට් මොළයක්.."

"....."

"දෙදාහෙන් පස්සේ කියලා නමක් තියෙනවා නේ.මොකද කියන්නේ පම්පෝරි ගහ ගහ ඉන්නේ නැතුව වැඩේට බැස්සොත්. ඔය කට්ටියට...විශේෂයෙන් ඔයලා දෙන්නට හොඳට ඉගෙන ගන්න වෙනවා. මං හිතනවා මෙඩ්ඩො වෙයි කියලා. මොකද මොන දේ හූරන් කෑවත් මොළේ ට ඇටෑක් කරන්න බෑ.  වෛද්‍ය කියලා කෑල්ලක්... මං කියන්නේ දැන් ඔයාලාගෙ පාත් එකේ.. එහෙම එකක් ඉස්සරහට ආවා කියන්නේ බනින ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්...ඒත් එහෙම කියල බෑ බැනුම් අහන්නෙ නැති වෙන්න වැඩ කරන්න ඕනේ.... ඔයාලාගේ පාත් නිකන් මනි ඩ්‍රොප් එකයි ලක්ශපති වගේ.මනි ඩ්‍රොප් එකේ සල්ලි තියෙනවා ඔයාලට තියෙන්නේ ඒක පරිස්සම් කරගන්න. ලක්ශපති එකේ සල්ලි බිංදුවෙ ඉදලා හම්බකරගන්න තියෙන්නෙ .. වෛද්‍ය කියන නාමට තියාගෙන ඒක රැකගන්න ගමන් අනිත් පැත්තෙන් මේ රාජකාරිය ගොඩ නගා ගන්න ඕනේ. අන්න ඒවගේ. තේරුණාද මං කියන දේ."

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now