15

547 76 17
                                    

රත්තරං හැන්දෑවට ඉරිසියාව පාපු වැස්සක් මහ රෑ පහුවෙනකල්ම කඩන් වැටිල සීතල බැරිම තැන මමත් නිදාගත්තා. පාන්දර වෙනකොට ලතාවට හීනියට ගහපු පොද වැස්ස පිනි තියලම ගිහින් තියෙනකොට උදේ හය හමාර වෙනකොට නංගි සිසීගෙ ගෙදරින් බැස්සුවා. 

 සුදු ඇඳගෙන ඉන්න අපෙන් හිදුවා ළඟයි අප්පච්චි ළඟයි පාට දෙකේ මල් පොකුරු දෙකක් අතේ තියාගෙන සොහොන් කොත් දෙකක් ළඟ නතර වෙලා මීක් නැතුව උන්නා. හිදුවා ලඟ රෝස පාටම මල් වර්ග පහ හයක මල් පොකුරක් තිබුනම අප්පච්චි සුදු පාට ඩේසි මල් පොකුරක් තියාගෙන සිමෙන්ති ගල් දිහා බලාගෙන ඉන්නවා.හිදුවා ක්‍රිස්තියානි ආගමේ..එයා වෙනුවෙන් අපිත් පාස්කුවට නත්තලට දේව පූජාවට යනවා..අම්මගෙ ඇස් වලින් කදුලු නිකන්ම වැටෙනවා. පිරිමි හිත් නම් කෝම හරි කාගෙන ඉන්නවා. හිදුවා ටිකක් ඉදල එන්නම් කිව්ව නිසා අපි වාහනේටආවා..

"අම්මා..."

"ම්ම්.."

"උදේ ක්ලාස් එකට යන්නේ නෑ.හිදුවා එයාලගෙ ගෙදර යනවා."

"පරිස්සමෙන් ගිහින් එන්න" 

එච්චරයි.. අපිට කතා කරන්න දෙයක් නෑ.....දේවල් තිබුණත් කාටවත් කතා කරන්න ඕනේ නෑ... හැමෝම හංඟපු දුකක් එක්ක අවුරුද්දක් ඉදල අද ගොළු වෙලා කාගෙන ඒ දුක දරාගන්නවා...නිකරුනේ වැළලුණ මල් තුනක්..ඒකයි වැඩි වේදනාවක්....

අදත් අඬලා නෑ.. කතන්දර කියන්න ඇති.. නංගි ළඟ වාඩි වෙලා හිදුවා අපිත් එක්ක කරන දේවල් කියන්න ඇති..ලස්සනට වචනෙන් වචනේ.නංගියාට මොකටද සුරංඟනා කතා එයා ඉන්නේම සුරංඟනා ලෝකෙ වුණාම...

"යන් අම්මා.." හිදුවට විතරක් අම්මලා දෙන්නෙක්..තාත්තෙක්....මගේ වචන නිසා කියවෙන අප්පච්චි කෙනෙක්..

"..මම මහයියාවෙන් බහින්න ඕනේ අප්පච්චී."

"මමත් එනවා." 

හිදුවා ආවත් එක්කම වාහනේ පණ ගන්වපු අප්පච්චි අපිව හිදුවගෙ ගේ ළඟින් බැස්සුවා.අවුරුදු නවයක්..ගේ පාලුවට ගිහින් නැහැ. අම්මලා හිදුවා වෙනුවෙන් ගේ බලාගත්තා..ඒ ගෙදර හුරුබුහුටියි..එක තට්ටුවයි ඒත් ඇතුලේ පොඩි පොඩි තට්ටු වල කෑලි තියෙන්නේ.. කාමර තුනයි..එකක් තවම රෝස පාටයි.කිරි සුවඳක් වෙනුවට ඕඩිකොලොන් සුවඳක් එන ඒ කාමරේ ළඟම හිදුවගෙ කාමරේ..

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now