13

574 86 25
                                    

දවල්ට ගෙදර තට්ට තනියම ඉන්න එක මට නම් පට්ටම ආතල්.ගේ දෙක වෙන්න සිංදු දාලා කොන්සට් කර කර පුදුම සැහැල්ලුවෙන් හිටියේ.දවස් තුනක් ඉදල ඊයෙ හිදුවා ඉස්කෝලේ ගියා. මට යන්න වෙන්නේ සදුදා වගේම ඒ සති අන්තෙ ලෝක ළමා දිනය නිසා ප්‍රයිමරි එකේ ෆන්ශන් එක රෙඩි කරන්න ඒ ගුරුවරුන්ට උදව් කරන්න ඕනේ. අපිටත් එකක් තියෙයි ඉතින්. 

පළවෙනියටම ගෙදර එන්නේ නංගි.එයා මේ ටිකේ මම ඉන්න නිසා ගෙදර එනව නැත්තන් සිසීගෙ ගෙදර යන්නේ. එයාලගෙ ගෙදර දවල්ට අපෙ නංගිවයි සිසීගෙ නංගිවයි බලාගන්න ඇන්ටි කෙනෙක් එනව. කෙල්ලො ඉන්න ගෙදරක් නිසා එහෙට එන්නේ. දෙවෙනියට මල්ලි ගෙදර එනවා හවස එක්කෝ අම්මා එනව නැත්තන් හිදුවා එනවා. ඒ දෙන්නම එනකන් අර පිස්සු හෝන්තු දෙක එක්ක සිඟිති වැඩ කර කර ඉන්න ඕනෙ මම.

" මොකෝ අනේ මේ මඩ නාලා" වෑන් එකෙන් බැහල පිටිපස්සෙන් පිටිපස්සට එන නංගිගෙන් මම ඇහුවේ ගව්මේ පිටිපස්සේ උඩ ඉදල පල්ලෙහටම තිබ්බ මඩ පාරවල් දැකලා.

"මම මැටි ගේ හේත්තු වෙලා හිටිය නේ.අපි කනු ඇල්ලුවා ඒකේ. ඒකෙ මැටි ." නංගි සපත්තු ගලවන ගමන් කිව්වම මම එයා ඉස්සරහට දාගෙන ආව බෑග් එක ගලවලා ගත්තා.

"මැටි පැටියා. ඔය ගමන් ම ගිහින් නාමු.ඔලුවෙත් මැටි ඇති දැන් "

" ඔයාගෙ තමා ඔලුවෙ මැටි තියෙන්නේ.නාන්න ඕනේ. ගදයි අප්පා."

මම නංගි එක්ක ඇවිත් නාන්න උදව් කරල එයාගෙ මැටි ගව්ම ගෙනත් වොශින් මැශින් එක උඩින් තිබ්බා. පොඩි කාලේ ශෝක් අප්පා.දැන් අපි මඩ නාගෙන ආවොත් අහන්නේ කාත් එක්කද කෙළගත්තේ කියලා. ඒ කාලෙ මමත් අලු ඇදුම් දුඹුරු කරගෙන ගෙදර ආවේ.

"අයියා... "

"ඕ..එනවා."

 "අහන්නකෝ.. අපෙ ඉස්කෝලේ අක්කලා අද ඔයා ගැන කිව්ව නේ.ඒ අක්කලා මැටි ගේ වාඩි වෙලා හිටියේ. ඔයා ගැනමයි කිව්වේ.."

"මොනවද කිව්වේ.." මම එයා නානකන් බාතෲම් එකේ දොර ළඟට වෙලා ඇහුවා.

"ඔයාගෙ යාලුවෙක් වෙන්න පින් කරන්න ඕනෙ ලු කියන එක විතරයි හරියට මතක.. අනේ එහෙනම් මම හෙනට පින් කරල ඇති නේ නංගි වෙන්න.ඔයාට වඩා ලොකු අයියගෙ නංගි වෙන්න මම පින් කරල තියෙනව හැබැයි"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now