31

453 69 34
                                    

"අහ් රක්ෂිත එහෙද...මට එයාට මීට් වෙන්න ඕනේ හිදුව ඔයා මෙහෙ බලන්න " මං පැත්ත මාරු කරලා ආවම අර කොල්ලා අන්දුන්කුන්දුන් වෙලා බලන් හිටියා.ඒත් ඇත්තටම අර කොල්ලා කිව්ව රක්ෂිත් ඉන්නවා කියලා උගෙ යාලුවා කිව්ව පැත්තට විරුද්ධ පැත්තෙන් රක්ෂිත ආවා.

"මොකද්ද චෙනෙත් මීට් වෙන්න හේතුව."

 "අහ්..කූඩු හැදුවද "

"ඔව් මං ඒක බලාගත්තා"

"එහෙනම් යමු .මට මොකුත් කතා කරන්න නෑ" මං හිදුවගෙ අතින් ඇදගෙන එන්න ආවා.

"චෙනෙත්,ඉන්න" රක්ෂිත වෙනදට වඩා සම්පූර්ණ වෙනස් මූණක් දාගෙන අපි යන පැත්තට දුවගෙන ආවා.ඒක නිසා මං නතර වෙලා එයා පැත්තට හැරුණා.හිදුවගෙ කට්ට පැනලා .

"මට තනියම කතා කරන්න ඕනේ"

"කියන දෙයක් කියන්න.මං ඕක හිදුවට කියනවා . ඕනෙම දෙයක් මොකාට කියන්නේ නෑ කියලා දිව්රව්වත් හොදම යාලුවට කියනවනේ" 

 රක්ෂිත හිදුවා දිහා බලලා කට කොනෙන් හිනා වුණා. හිදුව රවාගෙන මං ආතක් පාතක් නැතිව බලාගෙන ඉන්නවා.

"මිනිස්සු පිස්සො කරන්න එපා චෙනෙත්. මිනිස්සුන්ට පව් පුරවන්න එපා.උඹ හින්දා උඹට ලං වෙන හැමෝටම අඩන්න වෙයි. උඹට ඒ සේරටම පව් ගෙවන්න වෙයි.මං උපදෙස් දෙන්න මහ මිනිහෙක් නෙවෙයි ඒත් මෙච්චර කල් මට පාට් දාගෙන එන උන්ට මං තාත්තගෙ පවර් එක අරගෙන ගේම දෙන්න ගත්තා. උඹ හින්දා මං ඒකත් නතර කරා. උඹ විතරයි කිව්වේ තාත්තාට පට්ටම් තිබ්බට මං නිකමෙක් කියලා. මං ඒ ලේ වලින් දුවන මිනිහෙක් උනාට මට කියලා තියෙන්නේ වෙන ජීවිතයක් කියලා. මං හිතන් හිටියේ තාත්තා ඉන්න කල් මට ඕනෙ හැමදේම මට මගෙ ගාවට ගන්න පුලුවන් කියලා.උඹ ඒව තබේකට මායිම් නොකරපු හින්දා මං හිතලා හිතලා හිතාගත්තා තාත්තගෙ බලයට මට ගන්න බැරි දේවල් කෝටියක් තියෙනවා කියලා. උඹට ඒ අතින් පින්.ඒත් බන් මගෙ හිතන එක නතර වුනේ කවදාවත් නැතුව කොල්ලෙක්ට ආදරේ හිතිලා.මට මිහිදුම් දැක්කම මරන්න තරහයි ඕයි..මට තරහයි.ඉරිසියයි....  පුලුවන් නම් මේකව බලාගනින්  මිහිදුම්.උඹ මැරිලා  හරි මේකව බලාගනින් ඇස් දාහක් ඩැහගන්න බලන් ඉන්න මලක් මේක. මූට මොනව හරි උනොත් මගෙ බලයක් පාවිච්චි කරලා මක් උඹවත් මැරිලා මාත් මැරෙනවා."

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now