05

1K 109 25
                                    

" මම කියන්නේ බන් හුස්ම ගන්නවත් දවසක් දෙන්න එපෙයි "

"හාමුදුරුවෝ කිව්වා මේ පාර ලොකුවට කරන්නේ නෑ කියල නම් .සිල් ගන්නෙත් නෑ නේ. අනේ හොදා මට බෑ ආයෙ සරම් අදින්න"

"ඉතින් බන් සව් කැන්ද කොලේම දෙන්න ඕනෙද"

"ඔව් නේ නැත්තන් මිනිස්සු කියයි බැනර් එකේ නම් කැන්ද කොළේ කියලා ළඟට ගියාම නෑ කියලා.."

"යකෝ උඹට කියලා වැඩක් නෑ"

අපි හිටියේ කැන්ද කොලේ සව් දන්සල කියල බැනර් එකක් ප්‍රින්ට් කරන්න කටුගස්තොටට ගාටලා ඉස්කෝලෙට එන පාරෙ ආපහු එන ගමන් .අපි කියන්නේ හිදුවයි මායි අකිතයයි. ඉස්කෝලේ තියෙන්නේ ප්‍රධාන පාරෙ ඉදල මීටර් 200 ක් ඇතුලින් නේ, අන්න ඒ ටිකේ යන ගමන්.

"අම්මපා මෙච්චර වෙලා පොරවල් වගේ කඩ්ඩ පාවිච්චි කරලා සිල්ප මාලිගේ පේන මානේ සිංහලේවලට බැස්ස හැටියක්" 

මෙතන කතා කරන්නේ අකිතයයි මායි විතරනේ. අරකා බස්සා. කට තව දික් වෙයි කියන සාදාරණ බයට යන්තන් හිච්චි හිනාවක් දානවා විතරයි.

"ලෝකෙට පේන්න රඟපෑවම ඇති බන්" මම අකිතයාගේ කරට අත දාගෙන කිව්වා.

"ලෝකෙට පේන්න රඟපෑවේ අනේ මතකද හැන්දෑවේ අපි දෙන්නා"

මම කකුල දෙකට නමල දුන්න අකිතයගේ කොන්දට පාරක් . දෙයියනේ කියලා අපේ ඉස්කෝලෙ මාධ්‍ය ඒකකයට පිංසිද්ධ වෙන්න ඔය කියන සිංදුව 'The Dark Blue Boys'කියලා රිවිදා උදා වෙලා අපි නැගිටින්න කලින්ම අර මුහුණු පොතේ දාලා. ඇත්තට ඇයි ඒකට මුහුණු පොත කියන්නේ ඇයි ඒකේ එක පිටුවක් වත් නෑ නේ පොතක් වෙන්න.මොන කෙහෙම්මල හරි ඒකට දාලා තිබ්බේ අපෙ නමුත් ටැග් කරලා .අපිට ඔය පොතේ අකවුන්ට් එකක් තියෙනවා .ඒ කියන්නේ 'හිදුනෙත්' කියලා මායි හිදුවයි එක එකවුන්ට් එකක් හදලා තියෙනවා. ඒකමයි ටැග් කරල තිබ්බේ අනේ අපෙ නම්බුව .ආයෙ බැලුවෙත් නෑ ,මොන විනාසයක් වෙලා ද දන් නෑ.මේ කාලෙ හැටියට අපිව නැව් ගත කරලා වෙන රටකට යවලද දන් නෑ, එක්කෝ සමනල සංධවනිය කියලා බැනලා ද දන් නෑ. තැනේ හැටියට යකොව් ඇනෙ නේ ගැහුවේ .

කතාවෙන් අපි ඉස්කෝලෙට එනකොට පළවෙනි ඉන්ටවල් එක දීලා.මම ගිහින් සව් හදන වැඩේ බාරගත්ත මාධ්‍ය ඒකකයටයි ශෙහානයගේ ඉන්ට්‍රැක් සමාගමටයි හරියට කරපන් එදාට කැන්ද කොළ බෙදන්න බෑ කියලා ආවා. මාධ්‍ය ඒකකය කියන්නේ ඉතින් බ්‍රෝඩ්කාස්ට් එකත් එදාට එනවනේ.අපි ප්‍රිෆෙක්ට්ස්ලා කැන්ද කොළ දෙනවා. තව බෞද්ධ සංගමේ අය මේ එහා පැත්තේ වැඩිහිටි නිවාසේ හැම අවුරුද්දෙම කරන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා.ඒකටත් සුලු සුලු ක්ලබ්ස් උදව් කරනවා.මම නම් පුතේ දන්සලේ.හතුරයි මිතුරයි පෙමයි ඔක්කොම එතන්නේ. පෝය එන්නේ බදාදා. අනිද්දා.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now