09

615 90 25
                                    

" බැසිල් බැසිල් බැසිල් බැසිල්"

"අඩෝ.. එකෙක් කියපන්."

"බැසිල් බැසිල් බැසිල්"

"මොකද බන්" 

 ජනේලෙ ලගට වෙලා බෙරිහන් දෙන ඉස්කෝලෙ බුද්ධිමත් පන්තියේ උන් ටික ලඟට ගිහින් මම ඇහුවෙ හජ්ජි දවසට පහුවදා. අම්බානකට ඇඟ රිදෙනවා ඒත් නෑවිත් බැරි නිසා බැරි ගාතෙ මමයි හිදුවයි වෙලා ගිහින් ඉස්කෝලෙට ආවා. අටයි කාලට විතර ඇති. නිලතල නිසා ඔහොම වෙලා ගිහින් ආවට කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ.

"අර බලපන් අර ඇන්ටි කාක් කාක් කාක් කියනවා."

"අඩේ. තව හයියෙන් කියපන්." පල්ලෙහ ගෙදරක ඇන්ටි කෙනෙක් බලු කපුටු දානයක් දෙනවා .අපි ඉන්නෙ තුන් වෙනි තට්ටුවේ ඇන්ටිගෙ කාක් කෙ සද්දෙ හිතාගන්න පුලුවන් නේ.

"මොකද ළමයි මේ" පළවෙනි පීරියඩ් එකට කලින් අපෙ නම් ලකුනු කරන්න මනමාලි මැඩම් පන්තියට එනකොට බැසිල්ල ලෙෆ්ට්. මම විතරක් ජනේලේ ළඟ.

'කාක් කාක් කා ක්'

"ආ... චෙනෙත් මොකෝ අද පන්තියේ." 

මැඩම් එහෙම කියාගෙන රෙගිස්ටර් එක දිගෑරියා. නම් ලකුනු කරල එයා පන්තියෙන් ගිහින් ආයෙ ඇවිත් කිව්වේ අපෙ රිපෝට්ස් හෙටම දෙනවා කියල.

"ඒත් නිවාඩු මාසයක් නෑ නේ. මේ කෙහෙම්මල. එක දවසක් නිවාඩු කියලා ඔන්න ළමයි අනිත් වාරෙ හෙටලු"

 මට ඉස්සරහ වාඩි වෙලා හිටියේ නවීනා. එයාගෙ යාලුවා ඒ කියන්නේ අකිත් ගෙ නිවුන් නංගිත් ඒත් එක්කම අපෙ පැත්තට හැරුණා. ඒ දෙන්න විෂම නිවුන්නු. ඒක නිසා නමත් විෂම කරල අපි අකිත් ට අකිත් කිව්වම මෙයාට කියන්න ඕනෙ මෙයාගෙ දෙවෙනි නම යෙහාරා. උන් දෙන්න මාරම එකතුයි. මම දන්න සමහරු ඉන්නව නිවුන්නා කියල අනිත් එකා එක්ක ඇහෙන්න කතාවත් කරන්නෙ නැති. මේ දෙන්න නම් මරු.

"මොකට කියනවද .අම්මපා කියන්නේ නාකි මිනිස්සු දන්නව ගගා රට පාලනේ කරන්න උන් දන්න මඟුලක් නෑ වගේ. කියනවා වගෙ අපිට තියෙන්නේ හද්දා පරණ අතීතෙ විතරයි." යෙහාරා කිව්වා.

"අපි ඉතිහාසෙ ඉගෙන ගන්නෙ ඒක බලාගෙන අනාගතේ හදාගන්නලු. අනේ මොන විකාරද අප්පා. ඕකෙ කරෙත් අරගලයි යුද්ධයි නේ.ඒව බලාගෙන් හොඳට හැඳිල ඉන්නෙ ඔය කට්ටිය. අතීතෙ බලන් හැදෙන්න.විකාර"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now