37

453 68 27
                                    

"මොකා මොකා.."

"අම්බා~නකට ආදරෙයි කිව්වේ රක්ෂිතට" 

"මේ මං..පිස්සුද ඕයි.. උඹ හිතනවද මකබෑවිලා පල ඇමති පුතා කියලා යැද  යැද ඉදලා මම ඒකට ආදරේ කරයි කියලා.නදිව් තරම් වත් ආදරයක් නෑ බන්..මං මොනව කරන්නද මට ආදරේ කරන්න එපා කියලා තහංචි දාන්න බෑ නේ..මං ආදරේ එක්.ක්..කරන්නේ  මට  හිතට වැදුන එකෙට..ඒක පෙරලා ආදරේ කරත් මම තනියම හරි ආදරේ කරනවා. ඌත් එහෙම ඇති"

"ම්ම්.. දැන් ඒව අමතක කරන්න " මිහිදුම් මගෙ ෂ'ට් එක යටින් චේන් එකත් යටින් බඩෙන් අත තියාගෙන උරහිසෙන් මූණ තියාගත්තා.

"පිට ගැන පරිස්සමෙන්"

"මෙහ්..ඇත්තටම රක්ෂිත වශියක් කරලද."

"අනේ මන්දන්නෑ...ඌ අපි ඉස්සරහ රඟපෑවද කියලා දන් නෑ.උගෙ එහෙම මූණක් තිබ්බේ නෑ. එදා මැයි ගහ යට දි ඔය ඇවිත් කතත් කරේ."

"මොන..මතක නෑ මනුස්සයෝ.."

"වැඩක් නෑ..දැන් නිදාගන්න..හෙට වැඩ ගොඩයි"

"මිහිදුම්...."

"ම්ම්"

"හිදුවා මරලා දානවා මං"

"මැරුම් කන්න තමා හිටියේ... බනිනකොට කිව්වද කොහෙදෝ මෙතන හිටපන් එක්කෝ මගෙන් මැරුම් කාපන් කියලා"

මට හිනා ගියා..මම හෙන දේවල් කියලා වගේ. මට සමහර ඒව මතක තිබුණට සමහර ඒව මතක නෑ. ඒත් ඔය කියන කාලේ මගෙ ළඟ හිටියේ මිහිදුම්..මම ඔය කියන විදිහට බැනලා කෙළ ගහලා වමනේ දාගෙන කරන හැම පිස්සුවක්ම කෙළනකල් මිහිදුම් ඉවසගෙන ඉදලා තියෙනවා. මගෙ ඇඟට මොකෙක් හරි වමනේ දාලා තව කෙළත් ගහනකන් බලන් ඉන්න තරම් ඉවසීමක් මූ ළඟ තිබිලා තියෙනව නේ.

"ඔයාට අම්මාලා ලස්සන නමක් දීලා තියෙද්දි මම මේ මැද කෑල්ලක් අරගෙන ගොන් නම් කියලා කතා කරන එක වැඩක් නෑ නේද... මොක වුණත් ඔයා පොඩිම කාලේ අම්මලා ඔයාට උගන්නලා තියෙන පොඩි දේවල් නේ මේ ඔයාගෙ ළඟ තියෙන්නේ. මම ඔයා වුණා නම් මම ආයෙ කතාවත් නොකර ඉදී..ඒ කියන්නේ අපි දෙන්න එකට හැදුන කාලේ ඉගෙන ගත්තු දේවල් නෙවෙයි නේ ඔය."

"එහෙම කියන්න බෑ නේ..."

"මොකක්  කියලා කතා කරනවටද ආස"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now