21

480 75 22
                                    

ඉර අහසට එන්න එන්න ග්‍රවුන්ඩ් එකට එන පිරිස වැඩිවේගෙන එනවා. ඉස්කෝලේ පාකින් ලඟ එකම කලබලයන්.සේරටම වැඩ බෙදලා දුන්නත්  මොකක් හරි වෙච්ච  ගමන් ඔක්කොම චෙනේත් ගාගෙන එනවා. අයියේ මේක අයියේ අරක ගාගෙන එන ඒවටම උත්තර දීලා මට හති. 

"වතුර" 

හිදුවගේ සාක්කුවේ තිබ්බ ප්ලාස්ටික් වතුර බෝතලේ අරගෙන ඉතුරු වෙලා තිබ්බ සේරම බීගෙන බීගෙන ගිහින් හිස් බෝතලේ උගේ සාක්කුවට ම දාලා මම ආයේ දිව්වේ මනුතයා ළඟට. ඒකාට සසර කලකිරිලා.මම මෙච්චර නටන්නේ මනුත් ගේම්ස් කැප්ටන් වගේම බෑන්ඩ් කැප්ටන් වෙලා ඌට මේ විශේෂම දවසේ දෙකම එකට කරගන්න පැය විසිහතර මදි නිසා.

"අනවුන්ස්මන්ට්ස් වලට නම මාරු කරා නේ"

"ඔව් ..ඔව්.. ඒක ගානක් නෑ.. බෑන්ඩ් එක ලීඩ් කරන එක ...."

"චෙනෙත්..."

"ඕ..."

"මල්"

"ආ අර පැවිලියන් එකට අරගෙන යන්න. මොකද්ද උඹ කිව්වේ"

"බෑන්ඩ් එක ලීඩ් කරන එකේ දී මේ ගේමස් කැප්ටන් කියල දැම්මා.."

"ඒක හරි නෙ එහෙනම්,මං යනව අර මල් ගෙනල්ලා"

අපෙ ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් තියෙනකොට මාළිගාවෙන් නෙලුම් මල් අරන් එනවා. නුවර ඉස්කෝලත් ඒක කරනවා මං හිතන්නේ. නංගි එහෙම ඉතුරු මල් ගෙදර උස්සන් එනවා සමහර දවස්වලට . 

"පුප්පපන් යකුනේ"

"ඉන්න ඉන්න.."

"පුප්පලා මේ යට ට රතුවා දාලා උඩට සුදු දාලා වතුර ඉහින්න."

"හා.."

ග්‍රීක් මේට් ගෙන් පස්සෙ ඉවෙන්ට්ස් සේරම අනවුන්ස් කරන්නේ සිසී.

"බයයි ඒයි..ඊයෙ ගෙදර ගිහිල්ලත් ප්‍රැක්ටිස් කරා..දැන් කට පාඩම්..ඒත් ලයිව් ඒවාට බයයි"

"අනේ..උදුලා මැඩම් ඉන්නවා නේ."

"ඔව් ඔව්.. බැනුම් ඇහුවා කෝටියක් විතර..අදත් අහන්න ඕනේ"

"ඔව්ව් ඔහොම තමා.මං යනවා මේ ටික හදාගන්න"

දැන් ගිහින් හවුස් වලට උපදෙස් දෙන්න ඕනේ. හිදුවට කෝල් එකක් දාලා ඒකවත් ගෙන්නගෙන මනුත් එක්ක හවුස් පැත්තට එනකොට ඉස්කෝලේ කෝඩිනේටයා අකිත් පාකින් ළඟ හිටපු කොල්ලො ටිකට දමාගෙන අමතනවා.

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now