දෙවනි ඉඩෝරය🌵

2.3K 392 45
                                    

ජීවිතේ අපිට ලැබෙන දේවල් හරි ඉක්මනට අපෙන් උදුරගන්නවා.....
සතුටක් ලැබුණ ඉක්මනට ම දුකත් උරුම කරනවා.....
එක මොහොතක් සැනසීමෙන් හිටියොත්
ඊලග මොහොතෙ විනාශයක් වෙනවා....
අපි ආදරේ කරපු මිනිස්සු
ඊලග මොහොතේ ආගන්තුකයෝ
වෙනවා...

ඉතින් හැමදේම තාවකාලිකයි
කියලා තේරුණ තැන....
අහිමි වෙන වේදනාව දරාගන්නම බැරිවුණ තැන....
මිනිස්සු ගල් වෙනවා...
හැගීම් දැනීම් ඔක්කොම මරලා දානවා......
එදායින් පස්සෙ කාටවත් බැරිවෙනවා.
එයාලට ළං වෙන්න...

ඉතිං හැගීම් මැරුණ තැන ,
කවුරුත් ළග නැති තැන...
සතුටක් නැතුව ඇති..
ඒත් අඩුමගාණේ....
වේදනාවක් දැනෙන්නෙත් නෑනෙ..
ඉතින් ඒක සහනයක්...

ශෙනාල්...🌵

************************************

මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට තමන් අයිති තැනක් කොහේ හරි තැනක තියෙනවා....
කොහේ ගියත් හැමදාම එන්න මග බලන් ඉන්න තැනක් තියෙනවා.....

ඒ තමයි ගෙදර....
දුප්පත් වුණත් පෝසත් වුණත් , ආබාධිත වුණත් , වයස කීය වුණත් ගෙදර තරං තැනක් තව කොහෙද.....

ඒත් ගෙදර වගේ දැනෙන තැනක් කොහේවත් නැති මිනිස්සු??
එහෙම මිනිහෙකුට ජීවිතේ කොච්චර නීරස ඇත්ද??
මේ ලෝකේ අතරමං වෙලා වගේ දැනෙන ඒ හැගීම එහෙම මිනිහෙක් කොහොම දරාගන්නවා ඇතිද??

මම එහෙම මිනිහෙක්....
මොන දේ තිබුණත් මටම කියලා අයිතියක් තියෙන තැනක් කොහේවත් නැති.....

ඒත් මට කාලෙකට කලින් ගෙදරක් තිබ්බා..
මට අවුරුදු 12 දි මම ආදරේ , සතුට පිරිලා තිබුණු පරිපූර්ණ ගෙදරක කොටසක් වෙලා හිටියා..
අම්මා...තාත්තා...මම...
ඒ ගෙදර සතුටින් ජීවත් වුණා...

මම හිටියෙ මහනුවර...
පුංචි කාලෙ ඉදලම මේ ලෝකේ මං ආසම කරපු තැන වුණේ නුවර......

ඉතින් මාලිගාව අයිනෙ වැව ළග ඉදලා උඩවත්ත කැලේ රිලවුන්ට වෙනකම්ම මම නුවරට ආදරේ කරා...

මම ඒ කාලෙ ස්කූල් ගියෙත් නුවරමයි...
අවුරුදු 11 ක් වෙද්දිම අම්මට වද කරලා මම බස් එකේ යාළුවො එක්ක ස්කූල් ගියා...

ලොකු දුරක් නෑ...
අපේ ගෙදර තිබුණේ නුවර පොලිසියට උඩින් පුෂ්පදාන බාලිකාව පහු කරන් උඩට යන බහිරව කන්ද පාරේ....

පතොක් මල්🌵✔️Where stories live. Discover now