තිස් පස්වෙනි ඉඩෝරය🌵

1K 225 21
                                    

යෙහාරගෙ pov💚

මහ වැස්ස වැටුණත්..නෑ සීත දෙන්නේ
නාඩා නිදාගන්න නංගී....
මහ වැස්ස වැටුණත්..නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න දෝණී...
දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත්
මදිවීද මාගේ සෙනෙහේ...
හදගින්න උහුලන්න බෑනේ...
කවදාද ඔබ එන්නෙ අම්මේ....

තනිවූ වලාවක් පාවීය අහසේ
අසමින් තෙපුල් මව් සෙනේහේ..
දුටුවා ඔබේ රූ...බොද හීන අතරේ
සැනසූ විඩා වූ නිමේශේ...
හද ගිලුණු යාමේ...මේ අදුරු කුටියේ..
දැල්වූ පහන් ඔබේ සෙනෙහේ...
හදගන්න උහුලන්න බෑනේ...
කවදාද ඔබ එන්නේ අම්මේ...

මම ඉපදුණු දවසෙ ඉදලා ජීවත් වෙච්ච ඒ කාමර දෙකේ පුංචි ගෙදර වටේ මම ඇවිද්දා......
මගේ ඔලුව හිස්වෙලා....
වැස්ස දවසට ගේ පුරා බාල්දි , ටින් තියන්න වෙච්ච හිල් වහල..... දියසෙවල බැදිච්ච බාගෙට කපරාරු කරපු බිත්ති....ඉටිරෙදි වලින් වහපු ජනේල.......
ඉස්සර නං මේ පරණ ගෙදර අපායක් වගේ දැනුනේ....
ඒත් අද .....මේ ගෙදර දිහා බලන් ඉද්දි මට මැවෙන්නෙ මේ ගෙදර අස්සෙ රැදිච්ච අවුරුදු විසිතුනක මතක......

කාමරේ...සාලේ....පුංචි කුස්සිය ...
මේ පොඩි ගේ අස්සෙ අපි කොච්චර හිනාවෙන්න, අඩන්න ඇත්ද....කී පාරක් අම්මයි මමයි නංගියි තුරුල් වෙලා නිදාගන්න ඇත්ද..???අම්මා දවස් කීයක් මං ගෙදර එනකන් මේ දොර ළගට වෙලා බලන් ඉන්න ඇත්ද.....කී පාරක් රණ්ඩු වෙලා තරහා වෙලා ආයෙ යාළුවෙන්න ඇත්ද....

මට ඕනෙ වුණා මේ ගේ දිහා හැමදාම බලන් ඉන්න...හැමදාම මේ ගෙදර අස්සෙ රැදුණ මතක අස්සෙ ජීවත් වෙන්න....ඒත් ඒක කරන්න බෑ.....
නංගිට හොද ජීවිතයක් දෙන්න ඕනෙ නිසා....අයියා මං වෙනුවෙන් බලන් ඉන්න නිසා මම යන්න ඕනේ....

දවස් හතක්....මට හැමදාම හුස්ම දුන්නු, මාව වැටුණු හැම වෙලාවකම ශක්තිය වෙච්චි මගේ හදවත නැතුව දවස් හතක් මම හිටියා....
අයියට ඕනෙ වුණා අම්මව එහෙට අරන් යන්න.....
ඒත් මට ඕනෙ වුණේ එයාව මෙහෙට ගේන්න....
එයා අන්තිම නින්දෙදිවත් අර මිනිහට කිට්ටු වෙන්න ඕනෙ නෑ......
එයා ජීවත් වුණු එයාගෙ මිනිස්සු හිටිය මෙතනයි එයා අන්තිම දවසෙ ඉන්න ඕනේ...

කාන්ති නැන්දා...නිලේෂ...කොල්ලො සෙට් එක...මේ හැමෝම දවස් හතක් තිස්සෙ අපිට තනි රැක්කා...කෑම අරන් ආවා...හැම වැඩක්ම වගේ කරා...අන්තිමට බණක් කියලා දානයක් දෙන්නත් උදව් කරා......

පතොක් මල්🌵✔️Место, где живут истории. Откройте их для себя