විසි අටවෙනි ඉඩෝරය🌵

1K 231 69
                                    

ශෙනාල්ගෙ pov....

මම ඇදේ එහාට මෙහාට පෙරලිලා ඇද උඩ ඉදගෙන හිරි ඇරියා....

"ආව්...."

උදේ ඇහැරෙනකොට මගේ උරහිස බ්ලොක් වෙලා වගේ......
නින්දෙන් මොකක් හරි වෙලාද කොහෙද.....

මේ දවස් දෙකේ නිවාඩු දැම්මා.....
CEO කියලා නෑ.....මටත් නිවාඩු දාන්න අමාරුයි...

අදත් තාත්තා බලන්න යන්න ඕනේ...
තාත්තට ලොකු අවුලක් නෑ...ඒත් කොන්ද ටිකක් ඩැමේජ් වෙලා.....
එයාව බලාගන්න කෙනෙකුත් හොයාගත්තා.....
ට්‍රීට්මන්ට්ස් ඉවර වුණාම ගෙදර එක්කන් එන්න පුලුවන් වෙයි ලබන සතියෙ විතර....ඒත් මාස හයක්වත් රෝද පුටුවක ඉන්න වෙයිලු....

මට ඊයෙ නං බය හිතුණා....තාත්තා නැති වුණොත් මම තනි වෙයිනෙ.....
එයා එක්ක මොන ප්‍රශ්න තිබ්බත් ඒ මගේ තාත්තා...මගේ ලේ කියන එක අමතක කරන්න බෑනෙ

මම නැගිටලා උරහිස හොල්ලලා බැලුවා... මොනවහරි ගාන්න වෙයි වගේ....පැනලද දන්නෙ නෑ...

ජනේලෙන් එළිය බලද්දි වෙනදා වගේම නිස්කලංක උදේ වරුවක්...
මම ෆෝන් එක අතට අරගෙන ඕපන් කරේ මම හැමදාම බලන චැට් එක....

Good morning patiyo...

ටයිප් කරලා ආයෙත් ඩිලීට් කලා...
හැමදාම වගේම බර හුස්මක් එක්ක...
එයත් මේ වගේම බලන් ඇත්ද.......

මම ආයාසයෙන් වගේ ෆෝන් එක තියලා මූණ සෝදගන්න ගියා ...

පහළට යද්දි තාත්තට ගෙනියන්න සුප් එකකුයි, කෑම එකකුයිත් ලෑස්ති....
මම කකා ඉන්න අතරේ රොවේනයා ආවා...

ඌගෙ බයික් එකේ තමා හොස්පිට්ල් යන්නෙ...ඒක ලේසියි...

"උඹත් එන්න කන්න...."

"හා ....බඩගිනියි බං...."

රොවේනයා බඩත් අත ගගා ඇවිත් මේසෙ ළග ඉදගත්තා...
ඌට නං කන්න එන්න කියලා කියන්න ඕනෙත් නෑ....මගේ එක හරි උදුරන් කනවා...

ඉදි ආප්ප කන්දක් බෙදාගෙන මස් හොදියි සම්බෝලයි දාගෙන ඌ කන්න පටන් ගත්තා....
මං නං කරේ අතගාපු එක.....
මම එහෙමට කියලා කන්න බොන්න ආස කෙනෙක් නෙවේ කොහොමත්...

"කාහංකො...ඔහොම කුරුල්ලෙක් වගේ කාලා ඇතැයි..."

"මට ඇති..."

පතොක් මල්🌵✔️Where stories live. Discover now