විසි හයවෙනි ඉඩෝරය🌵

1K 231 42
                                    

ශෙනාල්ගෙ pov ❤️

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා
පියානොපියෙන නෙතුපියන් යට
ඔබේ රූපය මැවෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

"අයිසේ...ඔය පඩංගුව වහනවා...පේනවනෙ මම වැඩක්.....තමුසෙලා මොකට ඔය ජරාව අහනවද මන්දා.."

මම ළාවට දාලා තිබ්බ මියුසික් එක වහන්න කියලා ඩ්‍රයිවර්ට කෑ ගැහුවා...
කොල්ලා බයවුණු පාර ඉක්මනට ඒක අයින් කරා.....

තනියම නිදහසේ කාර් එකක ගිය කාලෙ ඉවරයි....
CEO Shenal Jayaweera ට බැහැ මැනේජර් ශෙනාල් වගේ කාර් එක තනියම ඩ්‍රයිව් කරන්න ...

පලවෙනි හේතුව time is everything...
දෙවනි හේතුව reputation is important....

මම බල බල හිටිය ලැප් එක ක්ලෝස් කරලා අතට ගත්තා.....
පොඩි කොල්ලා , සේසත් බලන් ඉන්නවා මම යන්න කියනකන්..

"සේසත් යන්න......මම එන්නෙ ෆයිව් තර්ටි අද...ඒ වෙනකොට ඇවිත් ඉන්න"

දොර ළගට මගේ සෙකට්‍රි ඇවිත් බෑග් එකයි ලැප් එකයි ගත්තා...

"සර්..අද දහයට මීටින් එකක්.....දෙකට vip client කෙනෙක්ගෙ පොජෙක්ට් එකක් finalize කරන්න තියෙනවා...."

"හ්ම්..."

මම ටිකකින් මගේ රූම් එකට ඇවිත් ඉදගෙන රිපෝට්ස් බැලුවා...

මේ රූම් එක මගේ පරණ රූම් එකට වඩා ලොකුයි...සුවපහසුයි...එළිය පෙනෙන වීව් එකත් හොදයි...
වැදගත්ම දේ....මෙතන මතකයන් මුකුත් නෑ.....

දහය වෙනකන් වැඩ කරලා හරියට ටයිම් එකට මීටින් එකට ගියා....

"Good morning mr Shenal..."

"Good morning Mr kevin..."

මං ඉස්සරහා ඉන්න මනුස්සයාගෙ මූණ බොරු හිනාවක් එක්ක යටපත් කරගත්ත කේන්තියකින් පිරිලා....
ඩැඩ් මට අනතුරු ඇගෙව්වෙ මේ ගැන....
කවදාවත් කෙවින්ව තරහා කරගන්න එපා...මිනිහා සර්පයෙක්.....
ඒත් මට ඒක කරන්න සිද්ධ වුණා...

මම කෙවින්ගෙ දුව නුගාරා එක්ක තිබ්බ engagement එක කැන්සල් කරා.....

In my life no more love...no more partners...even for a face value...
ලෝකෙට පේන්න පාට්නර් කෙනෙක් මොකටද...

පතොක් මල්🌵✔️On viuen les histories. Descobreix ara