දොලොස් වෙනි ඉඩෝරය🌵

1.4K 291 41
                                    

ශෙනාල්ගෙ pov❤️

වාසනාව කියලා දෙයක් දෙයියො දීල  තියෙනවනං මම ඉපදිලා තියෙන්නේ වාසනාව දෙයියො එක්ක රණ්ඩු වෙලා අම්මලගෙ ගෙදර ගිය වෙලාවක..

මට සතුටක් දැනෙන , මට ජීවත් වෙනවා කියලා දැනෙන හැම මොහොතක්ම මගෙන් උදුරලා ගන්න තරං ඇයි මගේ දෛවය මේ තරම්ම කුරිරු..

මට අයිතිකරගන්න ඕනෙ වෙච්ච දේවල් තිබුණේ හරි ටිකයි.....
ඒත් හැමදාම මට දේකට ආස හිතුණොත්....ඒ දේ අයිති කරගන්න හිතුණොත් මොකක් හරි බාධාවක් වෙලා ඒ දේ මගෙන් ගිලිහිලා යනවා...

මමයි නුගාරායි ගෙදර යන ගමන්....
මම ටවුන් එකෙන් උඩ බහිරව කන්ද  පාරට වාහනේ දැම්මා...
නුගාරා මොනවදෝ කියවනවා..
එයාට ගාණක් නෑ මම අහන් ඉන්නවද නැද්ද කියලා...

මගේ හිත කෑ ගැහුවේ එකම එක දෙයයි....
එයා කොහෙද ගියේ.....
ට්‍රේ එකක අරන් ආව තේ දෙකක් මේසෙ උඩ තියලා එයා කාමරෙන් එළියට දිව්වෙ මං දිහා නොබලා......

මාසෙකට කිට්ටු කාලයක් තිස්සෙ මම ජීවත් වුණේ සතුටින් පිරුණ පුංචි බුබුලක් ඇතුලේ...
ඒ බුබුල කොයි වෙලේ හරි පුපුරනවා කියලා දැනන් හිටියත් මම ඒ මොහොතට බයවුණා....
මගේ මේ සතුට නැතිවෙලා යයිදෝ බයවුණා....

මම මේ තරං මෝඩයෙක්ද???
යෙහාර එක්ක මේ පුංචි දවස් ටික බරක් පතලක්නැතුව ගත කරද්දි මට අමතක වුණා මගේ පස්සෙන් එන තාත්තගෙ හෙවණැල්ල...
බිස්නස් එක වෙනුවෙන් මගේ හැගීම් පාවා දෙන්න වෙනවා කියලත් මට අමතක වුණා...

නුගාරා යෙහාරට හිගන්නෙක්ට වගේ කතා කරද්දිත් මට දත්මිටි කාගෙන බලන් ඉන්න වුණා...

මොකද නුගාරාට යන්තමට හරි සැක හිතුණොත් හැමදේම ඉවර නිසා...
නුගාරා කියන්නෙ ලොකු හානියක් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි...
එයාට තියෙන්නෙ සල්ලියි,පොෂ්කමයි එක්ක ආව කට විතරයි...
ඒත් නුගාරා හරහා කෙවින් අංකල් හරි තාත්තා හරි දැනගත්තොත් හැමදේම ඉවරයි....

මම බයගුල්ලෙක්ද.....
ඔව් මම බයගුල්ලෙක්......
මට බයයි යෙහාරගේ ජීවිතේට මැදිවෙලා මම එයාටත් කරදර අරන් එයි කියලා...

ඒත් මම වචනෙන් නොකීවට යෙහාර ගැන මට තියෙන හැගීම වෙන කිසිම හැගීමකට සමානකරන්න බෑ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now