තිස් හත්වෙනි ඉඩෝරය🌵

1K 220 29
                                    

යෙහාරගෙ pov💚

දවස් ගතවෙන්නෙ හරි හෙමීට....මට සමහර වෙලාවට තේරෙන්නෙ නෑ අපේ ජීවිත වටේ මේ කැරකෙන්නෙ මොනවගේ දෙයක්ද කියලා....
සැනසීමෙන් ජීවත් වෙන්නම නැති හැටියක්....මට දැනෙන්නෙම නිකං අපි කාගෙහරි චෙස්බෝඩ් එකක ඉත්තො වගේ....
කවුරුහරි රජ්ජුරුවන්ව චෙක් මේට් කරන්න හදනවා...ඒත් ඒ කවුද කියලා දන්නෑ.... අඩුගාණේ රජ්ජුරුවෝ කවුද කිවල දන්නෙත් නෑ...
මේක මහා පැටලිලි සහගත සෙල්ලමක්...
කවුරු දිනාවිද..කවුරු පැරදිලා එළියට විසිවෙයිද කියන එක මට තේරුම් ගන්න බෑ.....

මට මහා අවිනිශ්චිත හැගීමක් දැනෙනවා.....
දේවාන්‍ය ගැනත් මම දිගටම ඇහැ ගහගෙන ඉන්න උත්සාහ කලා.
ඒත් මම බිසී නිසාම ඒකට ලොකු වෙලාවක් ලැබුණේ නෑ......
මේ ගමේ ඉන්න තව රස්සා නැති මැදිවයසෙ ගෑනු අය කීපදෙනෙක්වම බිස්නස් එකේ වැඩට එකතු කරගත්තා.....තව තව ඕඩර්ස් වැඩිවුණා... එක එක ටේස්ට් කෑම ජාති සෑහෙන ප්‍රමාණයක් අපේ නිෂ්පාදන වල තියෙනවා......
ගේ ඇතුලේ ඔච්චර වැඩ ගොඩක් කරන එක කරදර වැඩක් නිසා ගෙදර අයිනෙ පාවිච්චි නොකරන පොඩි කාමරයක් ඒ වැඩ වෙනුවෙන් හදලා ගත්තා.......අයියා මගේ බිස්නස් වළට සම්බන්ධ නොවුණත් ඒ වැඩ වලට මට ලොකු උදව්වක් දෙනවා...

නංගි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න පටන් ගත්තා, මට ඒකනං ලොකු සහනයක්.....මට ඕනෙ නංගි ඉගෙනගෙන ලොකු නෝනා කෙනෙක් වෙනවා දකින්න....

ඒත් මේ ඔක්කොම එක්ක මට සැනසීමක් දැනුනෙ නෑ....
ඉස්සර වගේ නෙවේ....මට අර ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියන අසරණ හැගීම නෑ.....මටම කියලා බිස්නස් එකක් තියෙනවා...ඒකෙන් මම හම්බ කරනවා...නංගිටත් ඕන කරන දේවල් ඔක්කොම අරන් දෙන්න මං ලග සල්ලි තියෙනවා.....
අනික නංගියි මමයි ගැන බලන්න අයියා ඉන්නවා.......
මම තනිවෙලා නෑ.....

ඒත් මම අයියා ගැන නං ගොඩක් වදවෙනවා....

මම රොවේන් අයියට ඉන්සියා අක්කා දෙන බෙහෙත් ගිහින් දුන්නා.....
එයා දන්නවා ඒ බෙහෙත් චෙක් කරන්න පුලුවන් තැන් ගැන..
මම අයියට හොරෙන් දේවල් කරන්න කැමති නෑ....පොඩ්ඩක්වත් කැමති නෑ...ඒත් මේ අයියගෙම හොදටනෙ....

එයා සමහර වෙලාවට කෑ ගහන විදිහට මටත් බය හිතෙනවා....එයා වෙවුලනවා....එයාගෙ ඇස් වල කළු ඉංගිරියාව පුංචි වෙනවා.....එයා ඒ වෙලාවට හැසිරෙන්නෙ කාවහරි මරන්නත් පුලුවන් වගේ.....

පතොක් මල්🌵✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon