හතලිස් දෙවෙනි ඉඩෝරය🌵

1K 218 22
                                    

ශෙනාල්ගෙ pov ❤️

රතු ලියුම් කාරයගෙ ලියුම් ටික අත් අකුරු පරීක්ෂකයෙක් ළගට රොවේන් අරන් ගියා.....
ඒඅතරෙ මම දේවාන්‍ය ගැන විස්තර තියෙනවද කියලා හෙව්වා....

හොද වෙලාවට තාත්තා කියන බල්ලා ගෙදර නොහිටියෙ....ඌ හිටියනං බෙල්ල මිරිකලා මරන තරං තරහෙන් මම හිටියෙ....

එයාව බෙල්ල මුලින් අල්ලගන්න නං අපිට හුගක් දේවල් කරන්න වෙනවා...
ඒකට තුරුම්පු ඔක්කොම එකතු කරගන්න ඕනේ....නැත්තං තාත්තට අපෙන් බේරෙන එක ටොයිස් වැඩක්..
එයාට පොලිසියේ පවා කනෙක්ෂන් තියෙනවා...හයි ප්‍රොෆයිල් කේස් එකක් විදිහට එයාව හිරේට යැව්වොත් විතරයි එයාට නිදහස් වෙන්න අමාරු වෙන්නෙ....

යෙහාර ඇද උඩ නිදාගෙන ඉන්නවා...අපට උදව් කරන්න විදිහක් හොය හොය එයා කෑ ගහනවා....ඒත් මේ වෙලාවෙ එයාට කරන්න තරං දෙයක් නෑ....ඔක්කොම තියෙන්නෙ හොර පාරෙන් කරන හැකින් වැඩ....

"ඔයාලා මහ නරකයි.......මාව ඕන වෙන්නෙ කාටහරි ගහන්න ඕනෙ වුණොත් විතරයිද .....දේවාන්‍යටත් සාස්පානකින් ඔලුවට පාරක් දුන්නනං ඊට පස්සේ එයත් ඔක්කොම කියයි....
ඔය කම්පියුටර් වැඩ වලින් මොනවා කරන්නද...."

"කෙදිරි ගාන්නැතුව ඉන්න යෙහාර.ඔයාට පුලුවන් තරම ඔයා කරනවනෙ...මෙතන ඉදන් කෑ ගැහුවට වැඩක් නෑනෙ......"

මම ඊයෙ හොයාගත්තු හැම ෆයිල් එකක්ම ලෝයර් කෙනෙක් ලවා ඇත්ත නැත්ත කන්ෆර්ම් කරගෙන තිබ්බේ....

අම්මා කලින් හදපු ඩිවෝස් පේපර්ස්...
හෝල්ඩින්ග්ස් එකේ ලියකියවිලි......
එතකොට තාත්තා ඒ දවස් වල හොරෙන් ඩීල් දාලා වංචා කරපුවා...
අම්මගෙ ඇක්සිඩන්ට් එක කරවපු තොරතුරු.....ඔය ඔක්කොම ........

එවලෙම මට ඊමේල්  එකක් ආවා...ඒ දේවාන්‍ය ගැන විස්තර හොයන්න පවරපු කෙනාගෙන්...

"යෙහාර....මෙහෙ එන්නකො....මේක බලන්න...."

යෙහාර මං ලගට ඇවිත් එහා පැත්තෙන් ඉදගත්තා...

"ඔය මොකද්ද....."

"දේවාන්‍ය ගැන මුකුත් විස්තර බ්ලැක් මාර්කට් එකේවත්, මාෆියා සම්බන්ධ කොහේවත් ඇත්තෙ නෑ.....තිබුණත් ඒවා රහසිගත තොරතුරු නිසා පෙන්නන්නෑ....ඒත් මෙන්න මේක.....එයාව පත්තරේක පෙන්නලා තියෙනවා...'

පතොක් මල්🌵✔️Where stories live. Discover now