හතලිස් හත්වෙනි ඉඩෝරය🌵

1.1K 205 22
                                    

යෙහාරගෙ pov 💚

මෙච්චර කාලයක් අයියගෙ වගේ දැනුනු ගෙදර අපේ ගෙදර කියලා දැනෙන්න පටන් ගත්තෙ දැන්.....
සමහර විට තාත්තා නැති නිසා වෙන්න ඇති.....

අයියා එයාගෙ තුවාල කකුලත් ඔතාගෙන හාවෙක් වගේ තනි කකුලෙන් පැන පැන මුළු ගෙදරම වෙනස් කරා.....
එයාට ඕනෙලු ඒක තාත්තගෙ ගෙදරින් අපේ ගෙදරට හරවන්න....

සාලෙ තිබුණු මූසල ෆොටෝ ඔක්කොම ස්ටෝරූම් එකකට දාලා ඒ වෙනුවට සතුටින් ඉන්න හිනාවෙලා ඉන්න ෆොටෝ එකතු වුණා.....
ඉස්සර බරට වහලා තිබ්බ ජනෙල් තිර හැමදාම උදේට එළිය විහිදෙන විදිහට ඇරලා දැම්මා....

ලතා ආන්ටියි සිරිපාල අංකලුයි දෙන්නත් බුම්මගෙන ඉන්න එක නතර කරලා හිනාවෙන්න ගත්තා...හොල්මන් මන්දිරයක් වගේ තිබ්බ ගෙදර වෙනස් වුණා.....

මට දැනුනා කවදාවත් නොදැනුන සැහැල්ලු ගතියක්......... හරියට ලොකු ඉඩෝරයක් ඉවර වෙලා වහින්න ගත්තා වගේ.....

අයියා පහළ ඉන්න අතරේ මම උඩට ගියා......කාමරේ අස් කරලා දාන අතරෙදි මාව ඇදුණේ අපේ කාමරේ පහු කරගෙන දිනාල්ගෙ කාමරේ දිහාට.....

අයියා තාමත් මේ කාමරේ ඇතුලට එන්න කැමති නෑ....එයාට දිනාල්ව මතක් වෙනවා ......ඒත් අපි තවදුරටත් දිනාල්ගෙ මතක අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ...

මම මේසෙ උඩ තිබ්බ ෆොටෝ එක අතට ගත්තා....මගේ අත වැදිලා එහා පැත්තෙ තිබ්බ පාට පාට ගල් පුරවපු භාජනයක් පෙරලිලා ගියා...

මම ඒක අහුලන්න බිමට නැවෙද්දි දැක්කේ මේස කකුලෙ ගැටගහපු රතුයි සුදුයි පීත්ත පටි දෙක.....ඒවා දේවාන්‍යගෙ....

දේවාන්‍ය.....මට සතියක විතර ඉදලා හිතට වද දුන්නු දෙයක් අහන්න හොදම කෙනා දේවාන්‍ය....ඒක මට මේ පීත්ත පටි දකින කොට තේරුණා...
මගේ හිතේ තියෙන දේ ගැන එයාට තේරුමක් ඇති.....ඒක සැකයක් විතරයි....ඒක මගේ හිතේ මැවුණ මායාවක් වෙන්නත් පුලුවන් ...ඒත් මට සැකහැරලා දනගන්න ඕනේ....

මම දිනාල්ගෙ ෆොටෝ එක දිහා ආයෙ බැලුවා....එයා හිනාවෙනවා....හරිම අහිංසක විදිහට.....මට එයාව මුණ ගැහුණ එකම එක වතාවෙ වගේම....
එයා පුංචියි..හුරතල් පාටයි.....
මම පොඩි ළමයෙක් කාලෙ එයාව උසට ලොකුවට පෙනුනට දැන් එයා දිහා බලනකොට මට දැනෙනවා එයා අකාලෙ මැරිලා යන්න බැරි තරමට කොච්චර පුංචිද කියලා..

පතොක් මල්🌵✔️Where stories live. Discover now