තිස් නවවෙනි ඉඩෝරය🌵

963 229 39
                                    

යෙහාරගෙ pov💚

අයියයි මමයි ගෙදර ආවා...එයා ඔෆිස් එකේ ඔන්ලයින් මීටීන් එකකට යද්දි මම ගියා නංගි එක්ක ටිකක් කතා කරන්න......එක ලේ පැහැයයි සිරුරේ පුරා ...සොයුරේ නුඹ මගෙ පණයි සදා කීවට මට ඕකිව ෂුවර් නෑ...හොයලා බලන්න එපැයි...සිරික්කිය දාගෙන කෙරුවොත් කරන්නෙ හොර වැඩමනෙ....අයියා නං රැවටෙනවා එයැයිගෙ මායම් වලට...සුදු අයියේහ් කීව ගමන් හද වුණත් ගෙනත් දෙයි....මටවත් එච්චර සැලකිලි නෑ....

මම යනකොට නංගි කාමරේ අස් කරනවා......මම ඉතිං ඉදගෙන බලන් හිටියා ටිකක් වෙලා.....

" මොකද අප්පා නිකං මිනිහා මැරිලා වගේ බලාගත්තු අත බලන් ඉන්නෙ...අම්මා දැක්කා නං දන්නවනෙ කියන දේ...."

නංගි පොත් රාක්කෙ අස් කරන ගමන් කියෝනවා....මම නංගිගෙ ඇද උඩ එරමිණියා ගොතාගෙන වාඩිවෙලා අද දවසෙ වුණු දේවල් හිත හිත හිටියෙ....

නිකටට අත තියන් ඔහේ බලන් ඉන්නකොට ඉස්සර අම්මා ඇවිත් බනිනවා ඒක හරි මූසලයි කියලා...එහෙම ඉදියම ගෙවල් වලට යාදෙන්නෙ නෑලු...

මම නංගිට රැව්වා......අයියත් මැරෙන කතා කියනවා...මෙයත් මැරෙන කතාම කියන්නෙ මොකද.....ඇයි අයියට ඒරාෂ්ටකයක්වත් තියෙනවද..

"මෝඩ කතා කියන්නෙපා....මගේ මනුස්සයා අර යසට ඉන්නෙ...."

"අම්මෝ අම්මෝ....කේන්ති ගන්න එපා...ඔයාට නිකං හොස්ස අගින් මැස්සා යන්න බෑනෙ පුපුරනවා....
බබෙක් හම්බෙන්නවත් ඉන්නවද...

"උඹ මගේ නංගිද ඇත්තටම....අර මිනිහගෙ නංගිද......ඌ කියන ඒවම ආයෙ ආයෙ කියන්නෙ.....දෙන්නගෙම ආසාව මාව බඩ කරන්නද.... කවදාහරි බඩ වෙන්නෙ අර මිනිහා තමා..."

නංගි පොතකුත් පෙරල පෙරල හිනාවෙන්න ගත්තා......

"සුදු අයියා එක්ක නං ඒවා කරන්න වෙන එකක් නෑ......"

"අනේ පලයං නංගි යන්න...දැන් ගාණට වැඩී හොදටම.....අනික අපි තාම...නෑ නෑ ඒවා තමුසෙට ඕනනෑ...ක්ලාස් ටික කොහොමද..."

"අවුලක් නෑ.....යාළුවො දෙන්නෙකුත් හම්බුණා....බලන්නකො මේ...මට කොල්ලෙක්ගෙන් නම්බරයක් හම්බුණානෙ....කොල්ලා හැන්ඩියා..."

"කෝ කෝ බලන්න....ඕවා ඕනනෑ....ඒ ලෙවල් කරාට පස්සේ ඕන එකක්...එතකන් ඔය හුටපට බෑ..."

පතොක් මල්🌵✔️Where stories live. Discover now