දාහත්වෙනි කොටස🌵

1.3K 292 34
                                    

යෙහාරගෙ pov💚

සර් මාව ගේ ළගටම ගෙනත් දැම්මා...
මාව හෙට උදේට ගන්න එන්නං කීවත් මම ඒකට විරුද්ධ වුණා.....

යකෝ....ලව් කරන්න පටන් ගත්තා කියලා මම කොර වුණේ නෑනෙ....
තාම ඇවිදින්න පුලුවන්....බස් වල යන්නත් පුලුවන්...
එන්න උවමනාවක් වුණොත් මං කියන්නං කියලා කිව්වා...
මගේ ආඩම්බරකමද මන්දා නැත්තං වචනයක් අහගන්න අකමැති කමද මන්දා මට සර්ගෙන් කිසිම උදව්වක් ඕනෙ වුණේ නෑ...

මම සර්ගෙන් යැපෙන්න ගත්තොත් අපි අතරෙ තියෙන සමානකම නැතිවෙනවා....එතකොට ප්‍රශ්න එනවා...හොදම දේ ආදරේ විතරක් බෙදාගෙන මිල මුදල් බෙදා නොගෙන ඉන්න එක...

"පරිස්සමෙන් යන්න එහෙනං...මම ගෙදරට එනවට කැමතිත් නෑනෙ..."

"හොදට හිටී...අපේ අම්මට දැන්මම කියන්න බෑනෙ...ටිකක් කල් ඉමු...එයාලට සැක හිතෙයි හැමදාම මාව ගෙනත් දැම්මොත්"

සර් මම බහින්න කලින් ලොකු චොකලට් එකක් දුන්නා.

"මටද..."

"නෑ නංගිට...මේක ඔයාට...."

මට දුන්නේ හිච්චං kitkat එකක්.

මේ මොහොතකට කලින් එයාගෙන් මුකුත් ගන්නෑ කියපු මම එයාට රැව්වා..

"ඇයි නංගිට ලොකු එකක්, මට චූටි එකක්..."

"නංගි ඊයෙ මම ගෙනපු චොක්ලට් එකට ආස වුණා...ඒ නිසා තව එකක් ගත්තා...ඔයාට ඔය ඇති..තව කෑවොත් බෝලෙ වගේ වෙයි...මට පෙරලන් තමා එක්ක යන්න වෙන්නෙ"

එයා හිනාවෙවී කියලා මගේ නලලට තට්ටුවක් දැම්මා...

මම රැව්වම විහිලුවක්නෙ කලේ කියලා  ඔලුවත් අතගෑවා...

ඒ අතේ මගේ ඔලුව අතුල්ලන්න හිතුණ හැගීම නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්....

යෙහාරයෝ.....මතක තියාගනිං උඹ ආඩම්බර, සෙකන්ඩ් නොවෙන චණ්ඩියෙක්...... අවුරුදු 15 ක ඕලෙවල් කරන හුරතල් පොඩි කොල්ලෙක් නෙවේ...

මම මටම සැර කරගත්තා...

සර්ට අතවනලා මම පාලමෙන් එහාට ගියේ විසිල් එකකුත් ගහගෙන...
අද මම සතුටින් ......

මට හදිස්සියේම වගකීම් සහගත , වැඩිහිටි හැගීමක් දැනුනා....
මිනිස්සු හැමෝම ආදරේ කරද්දි මෙහෙමද??
එහෙමත් නෑ හැබැයි...තිපිතිප් කන අම්මගෙ සූටි දෝණිලා පුතාලාත් ආදරේ කරන්නෙ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now