තුන්වෙනි ඉඩෝරය🌵

1.9K 378 36
                                    

යෙහාරගෙ pov💚

උදේ පාන්දරම වැඩ පටන් ගන්න හිතන් මම පූස් පැටියව තියලා අතුත් හෝදගෙන ආවා ඉක්මනට.....
එයාව දවල් කෑම වෙලාවට බලන්න යන්න ඕනෙ .....

උදේම නං ලොකුවට වැඩ නෑ.....
ඒත් නැත්තෙමත් නෑ...

ඔෆිස් එකේ පැත්තක තියනවා ලියකියවිලි එහෙම තියෙන corner එකක්. එතන තියෙනවා එක එක ලයින් වල ඩේලි outcome එක චෙක් කරන ෆයිල්...
ඒවා ටික  කම්පියුටර්ස් වලට data entry කරන මිස් අරුණිටයි මිස්ටර් සමන්ටයි පිළිවෙලට දෙන්න ඕනෙ...

ඊට පස්සේ එයාලා ඒ වැඩ කරන අතරෙ අනිත් අයගෙ කුදුමහත් කටයුතු කරන්න ඕනෙ.....
දන්නවනෙ ඉතිං....
මම කාර්යාල කාර්ය සහයක...
ෆයිල් අරහෙමෙහෙ ගෙනියන්න...අරක ගේන්න...මේක ගිහින් තියන්න...

මිස්ටර් සේනාධීර කියන බඩ තඩි තට්ටයා නං මං ලවා තේ එකත් අත ළගට ගෙන්න ගන්නවා...
පොඩ්ඩ එහෙමෙහෙ වෙනකොට කෑ ගහනවා....
වෙලාවකට ඌගෙ තට්ට ඔලුවට තේ එක හලන්නම හිතෙනවා.....
අනික ඌ මිස්ලට පැණි හලනවා.....

මම පාඩුවේ වැඩි කතා නැතුව හිටියට මිස්ලා ටික මට සපෝට්....
ඒ හින්දම සර්ලා සෙට් එකත් මට සපෝට්...
මොකද එයාලා මගෙන් තමා මිස්ලා ගැන විස්තර අහගන්නේ....
මම හැමෝගෙම සම්බන්ධීකරණ නිලධාරි වගේ...

වෙලාවකට සෙටාර් එකම මළ ඇණයක් වුණත් එයාලගෙ සිරා ලව්, අනියම් ලව්, වලි , පන්දම් දැමිලි ඔක්කොම දිහා බලන් ඉන්න එකත් හෙණ ජොලි වැඩක්.....

අද මට එළියෙ වැඩක් වැටුණා....
ඒක ඉවර කරලා රේණු මිස්ට ෆයිල් එකක් අරන් ආවා.....

"මෙන්න රේණු මිස් ඔයා ඉල්ලුව ෆයිල්
එක....අන්න හැමෝටම  තේ හදලා...ජෝති මාමා තාම මග එනවා..."

මම කට්ටියගෙ ආසම වෙලාවක් ගැන කලින්ම කීවා...
කට්ටියටම අයිස් ගහන්න, ඕපදූප පටන් ගන්න විනාඩි 15 ක්නෙ ඉතිං..

ජෝති මාමා තමා තේ හදන්නෙ....
එයාගෙ තේ එක නං ටොප්.....
එයා මටත් කියලා දෙනවා ඔය පොඩි පොඩි දේවල්...
මොකද මාමා නැති දවසට ටී බෝයිත් මමම තමා......
අනිච්චේ දුක්ඛේ මගේ ජීවිතේ..

"මේ රිකී...මෙහෙ එන්නකො,අලුතෙන් මැනේජර් කෙනෙක් ඇවිත් හරිද....කොල්ලා හෙණ හැන්ඩියා ඈ...හම්මේ ඒ හිනාව...පොඩ්ඩක් හොයලා බලන්න ඈ...කෙල්ලෙක් එහෙම ඉන්නවද , වයස කීයද එහෙම කියලා..."

පතොක් මල්🌵✔️Where stories live. Discover now