විසි පස්වෙනි ඉඩෝරය🌵

1K 223 31
                                    

යෙහාරගෙ pov 💚

සද නාව දිනයක් පාසා
ඉකිබිදින කවියක් රෑ.....
බොද පාට බිදුවක් සීමා
යයි සේදි පදවැල් පෑ...

මාරුතේ හැමුවොතින්
හන්තාන මල් වී දුකින්...
පෙති ගිලිහිලා යන සැනින්
හිත් පරවෙලා යයි හෙමින්

හන්තානෙ මල්...නුඹෙ හිත වාගේම
යල් පැනයන ආලේ මං දුටුවා...
තුන්යාමේ කල් අරගෙන පාවී දුරක්
ආයෙත් තවත් නොඑනා......

මම දොරකොඩ වාඩිවෙලා එළිය බලන් ඉදිද්දි සිංදුවක් ඇහෙන්න ගත්තා..
ජීවිතේට සිංදුවක් මගේ කරගත්තෙ නැති, ඇඩුවෙ නැති , මගේ පපුව රිදෙන්න ගත්තා......

කකුල් දෙක ගුලි කරගෙන නිකට කකුල් දෙක උඩ තියාගෙන මම පොඩි උං ටිකක් සෙල්ලං කරනවා බලන් හිටියා....

"ඔයා හොර කරනවනෙ...මාව හිතලම පරද්දනවා...."

මෙච්චර වෙලා හිනාවෙවී හිටිය එක පොඩි එකෙක් අඩාගෙන ඇතුලට ගියා....
ජීවිතේ ඔහොම තමා පොඩ්ඩෝ......
එක මොහොතක මෙරිගෝ රවුමක උඩම ඉන්න කෙනා ඊලග මොහොතේ ඉන්නෙ පාතම කොණේ.....
ඒක තමා ජීවිතේ.....
මම හැමදාම හිටියෙ කැඩිචිච මෙරිගෝ රවුමක ...
උඩට යන්න කොචිචර උත්සහ කරත් හැමදාම පාතම වැටෙනවා....

දැන් ඊයෙන් පස්සෙ පැය ගාණක් ගිහින්.....
දවල් රෑ වෙලා ...රෑ එළිවෙලා....

මම ඊයෙ මුළු හවසම කලේ ඇවිද්ද එක.....
හරියට අරමුණක් නැති කෙනෙක් වගේ....
කච්චේරිය පාරෙන් ඇවිත් ඔරලෝසු කණුව පහු කරන් වෙලෙන්දෝ , මිනිස්සුන්ගෙන් පිරිච්ච මාර්කට් එක ළගින් ගිහින් මම රේල්වේ ස්ටේෂන් එකත් පහුකරා....
අහසේ කපුටෝ පියාඹනවා බල බල උං වගේ මටත් පියාඹලා ඈතට යන්න තිබ්බනං කියලා හිතුවා.....
මට ඕනෙ වුණේ මාව නොදන්න මිනිස්සු ගොඩක් අස්සෙ අතරමං වෙන්න...
ලොකු බුදුපිළිමේ ළගින් උඩට ඇවිත් හොස්පිට්ල් එකත් පහු කරන් මම දිගටම ඇවිද්දා.....
ගිනි මද්දහනෙ කකුල් රිදෙනකම්ම..... පැයක් එකහමාරක්..දෙකක්....මට මතක නැති තරං කාලයක්...

මම වෙනදා බස් එකක යන දුර පයින් ගියා...තුවාල කකුල ගැලවෙන්න වගේ දැනුනා ..ඒත් කකුලෙ තුවාලෙ සහනයක්...මොකද හිතේ තුවාලෙට රිදෙනවට වඩා කකුලෙ තුවාලෙට රිදෙන එක හොදයි....

පතොක් මල්🌵✔️Where stories live. Discover now