හතලිස් පස්වෙනි ඉඩෝරය🌵

1K 216 29
                                    

යෙහාරගෙ pov 💚

මාව හිරවෙලා....මාව ගල්වෙලා....
මම අදුරු බංකරයක් වගේ ගබඩා කාමරයක් ඇතුලෙ කොණක කොටුවෙලා......
මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා.....

මං ලග සිහිය නැතුව ඉන්න නංගි... දේවාන්‍ය කීවා එයා පණ පිටින් කියලා.... ඒක මට ලොකු සහනයක්...
මේ කාමරේට ආව ගමන්ම දැක්ක දේ  නිසා මාව කෑ ගැස්සුණා...එකම එක මොහොතකට මං හිතුවෙ එයා මාව දාලා ගිහින් කියලා.....අම්මා වගේම.....මට ඉන්නෙ ඔච්චරයිනෙ....
මම සිහි නැතුව හිටිය නංගිගෙ ඔලුව අතගෑවා...

ඊට පස්සේ එයාව බිත්තියකට හේත්තු කරලා ඉන්දවලා එයා ඉස්සරහින් හිට ගත්තා.....

"මං උඹව මරනවා...."

අයියා සුමිත් ජයවීරගෙ ඔලුවට එයා අතේ තිබ්බ පිස්තෝලෙ ඉලක්ක කරගෙන කෑ ගැහුවා.....

මට ඕනෙ අයියා ලගට දුවන්න....ඒක කරන්න එපා කියලා කෑ ගහන්න....
මට මගේ නංගිව පැහැර ගෙන ගියපු බල්ලව මරන්න ඕනෙ තමයි....ඒත් අයියා ලවා නෙවේ.....එයාව මිනීමරුවෙක් කරන්න මට බෑ....එයා මගෙන් ඈත් වෙලා හිරේට යනවා මට බලන්නත් බෑ...
සුමිත් නිසා මට මගේ කවුරුත් නැති වෙනවා බලන්න බෑ...

මම නංගි දිහා තව එක පාරක් බලලා අයියගෙ පිටිපස්සට දිව්වා...

"අයියෙ එපා...ඔයා ඒක කරන්න එපා..."

මම එයාට කෑ ගැහුවා....මට ඕනෙ වුණා අයියගෙ අතේ තියෙන  තුවක්කුව බිම දාන්න....ඒත් එතකොට සුමිත් එයාගෙ අතේ තියෙන තුවක්කුව පත්තු කරයි.....

මම අයියා දිහා බලුවෙ මගේ ඇස් බොද වෙලා යද්දි....ඒත්.....මට මොකද්දෝ වෙනසක් තේරුණා....
අයියා කොහෙද ඒ බලන් ඉන්නෙ.. එයාගෙ ඇස් සුමිත් හරහා යනවා......
අයියගෙ ඇස් වෙනස් වෙනවා......

"අයියෙ....ඇයි.....

මට මුකුත් කියන්න ලැබුණේ නෑ...එක මොහොතකින් ඉදිකට්ටක් වැටුණත් ඇහෙන මට්ටමට තිබ්බ නිශ්ශබ්තාව නැතිවෙලා මහ හයියෙන් වෙඩි සද්දයක් ඇහුණා....

මගේ කන් දෙක කීං ගාද්දි මම නොදැනම බිම ඉදගෙන කන් වහගෙන තිබුණා....

"අයියේ....."

මම කෑ ගහගෙන නැගිට්ටා....මගේ හාට් එක නතර වෙලා වගේ......මට මේ හැගීම දරාගන්න බෑ දෙයියනේ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now