හතලිස් වෙනි ඉඩෝරය🌵

1K 235 25
                                    

ශෙනාල්ගෙ pov ❤️

"අපි කතා කරමු......ඊට කලින් මේක බීලා ඉන්න...."

මට ඕනෙවුණේ ඉක්මනට මේක විසදගන්න....බීම බිබී ඉන්න නෙවේ....ඒත් මම බීම එක බොනකං ඉන්සියා කතා කරන පාටක් නෑ.....

එයා ගොඩක් වෙලාවට එහෙමයි....අපි දෙන්නා එළියට ගිහින් ලන්ච් එකක් ගත්තත් මම කන්න පටන් ගන්නකං කන්නෙ නෑ...කතා කරන්නෙත් නෑ....

ඉතිං මම බීම උගුරක් බීවා..

"මට දෙයක් අහන්න ඕනේ...."

"අහන්න....මං අහන් ඉන්නෙ...."

"මං කෙලින්ම අහන්නං....ඇයි මගේ විශ්වාසෙ කැඩුවේ...... අවුරුදු දෙකක් තිස්සෙ ඔයා මගේ ඩොක්ටර් වෙලා හිටියා....ඒ විශ්වාසෙටයි මම ඔයාගෙන් උදව් ඉල්ලුවේ....ඇයි එහෙම දෙයක් කලේ...."

ඉන්සියා හිටියෙ මං දිහා නොබලා....මගෙන් එහා බලාගෙන.....
එයාගෙ අත් එකට බැදගෙන.....එයා අත් දෙක අඹරනවා....හරියට එයාට දෙන්න උත්තරයක් නෑ වගේ....

"ඉන්සියා....උත්තර දෙනවා....."

මම කෑගැහුවා....එයා නිසාමයි මම මෙහෙම වුණේ.....මේ ඉන්සියාගෙ මෝඩකම් නිසා මම මගේ ඌරු පැටියට අනතුරක් කරා නං.....

"තමුසෙ නිසා මං අතින් යෙහාරට මොනවා හරි වුණානං තමුන් වගකියනවද...."

යෙහාරව මතක් කරන කොට ඉන්සියා එක පාරටම මං දිහා බැලුවා....මෙච්චර කාලයක් යෙහාරයි මමයි දිහා බලලා හිනාවුණු ඇස් අස්සෙ අද මම දැක්කෙ ඉරිසියාවක්...

"එයා ළග මට නැති මොනවද තියෙන්නෙ ශෙනාල්....එයා ඉගෙනගෙනත් නෑ...එයා කෙල්ලෙකුත් නෙවේ....ඔයා කැමති කොල්ලන්ට විතරක් නෙවේ ශෙනාල්....මම ඒක දන්නවා....ඔයා ගෑනු කීයක් එක්ක ඉදලා තියෙනවද....ඉතිං ආදරේ කරන්න විතරක් කොල්ලෙක් හොයාගත්තෙ කොහොමද?? අනික රිකීවම?? "

එයා එහෙම අහද්දි මගේ ඇස්ලොකු වුණා....
මොකක්??? ඇයි මෙහෙම කතා කරන්නෙ?? ඒ කියන්නෙ ඉන්සියාට මෙච්චර කල් මාව යාළුවෙක් විතරක් නෙවෙයිද???

"ඉන්සියා....ඔයා....මම මෙහෙම දෙයක්....."

ඉන්සියා ගෙ ඇස් රැලිවුණා...එයා එයාගෙ අතෙන් කොෆි ටේබල් එකට ගැහුවා....
එයාගෙ අත ලාවට වෙවුලනවා...එයා මං දිහා බැලුවෙ තෙත් වුණ ඇස් වලින්..හරියට එයා ලොකු වේදනාවකින් ඉන්නවා වගේ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now