විසි එක්වෙනි ඉඩෝරය🌵

1.2K 254 66
                                    

යෙහාරගෙ pov 💚

අවාසනාවන්තකමෙන් සීමාවක් තියෙන්න ඕනේ....
මම ඉපදිලා තියෙන්නෙ අවාසනාවන්තකම කසාද බැදලා...

කොච්චර කීවත් ඩිවෝස් එක දෙන්නැති ගෑනියෙක් වගේ මගේ ඇගේ අවාසනාව එල්ලිලාම ඉන්නවා.....

ඒ අස්සෙ අයියා හොදටම බනිනවා...

මම ඒ බනින ඒවා ඇහෙන්නෑ වගේ එයාට හේත්තු වෙලා ඉදන් ඉන්නවා...

අයියා එවලෙ ආවෙ හොද වෙලාවට....
නංගි තමා උං මාව ඇදන් යද්දි වැටුණ ෆෝන් එකෙන් කෝල් එකක් අරන් තියෙන්නෙ....

අයියා මාව කාර් එකෙන් ගෙනත් තියලා එහෙමම ස්ටාර්ට් කරන් මාව අරන් ගියේ ඩොක්ටර් කෙනෙක් ළගට...

යන ගමන් එයා නංගිව පොඩ්ඩක් බය කරාම පහුගිය දවස් ටිකේ වෙච්ච ඔක්කොම ටික අකුරක් නෑර අඩ අඩා කීවා....කේලමී...
තාත්තා ගැනයි  අජිත් තර්ජනය කරපු සීන් එකයි ඔක්කොම...

නංගිවත් ස්කූල් එකට දාලා මගෙත් කකුලට බෙහෙත් දාගන්නං අයියා  මුකුත් කීවෙ නෑ....

ඒත් දැන් වේදනා නාශක නිසා කකුල රිදෙන්නෙත් නැති පාර බනින්න පටන් ගත්තා...

"මං උඹට පිට කෙනෙක්ද යෙහාර....මෙච්චර දේවල් වෙලත් මට වචනයක් නොකියා ඉන්න තරං...ආ..."

මම බිම බලාගෙන හිටියා....

"අර චණ්ඩි ඉස්සරහා තිබ්බ කට දැන් කෝ...උත්තර දෙන්න යෙහාර..."

"අයියත් ප්‍රශ්නෙකින් ඉන්නවා වගේ පෙනුන නිසා නොකීවෙ....."

ඒකනෙ....එයා ගැන හිතලනෙ නොකීවෙ....මගේ ආඩම්බරකමත් තිබ්බා තමා ...ඒක වෙනම කතාවක්...

"මගේ ප්‍රශ්න අවුරුදු ගණන් තියෙන ප්‍රශ්න...ඒවා විසදන්න පුලුවන් ඒවා නෙවේ....මට ඒවා එක්ක ජීවත් වෙලා හුරුයි...ඒවයින් මට ලොකු හානියක් නෑ....ඒත් මට ජීවත් වෙන්න බෑ උඹ පරිස්සමෙන් නැත්තං.....
මගේ ප්‍රශ්න අමතක කරලා මං සතුටින් ඉන්නෙ උඹ හින්දා යෙහාර....
උඹට නියපොත්තක හරි හීරීමක් වෙනවට මම කැමති නෑ...උඹව ළග තියන් රකින්න හදන්නෙ ඒ හින්දා...මට උඹව වටින හින්දා....ටිකක් තේරුම් ගන්නකො ළමයෝ...."

අයියා සැරෙන් නැතුව බැගෑපත් විදිහට මං දිහා බලන් කියද්දි මට තවත් අහන් ඉන්න බැරිවුණා....
එයාගෙ ඇස් වල කදුළු පිරිලා.....
එයා මං හින්දා අඩනවා......
මගේ ආඩම්බරකම තමා මේ හැමදේටම හේතුව...

පතොක් මල්🌵✔️Where stories live. Discover now