දහතුන්වෙනි ඉඩෝරය🌵

1.4K 280 62
                                    

යෙහාරගෙ pov 💚

මම දන්නෙ නෑ මම එවලෙ කොහොම ඒ දෙන්නා දිහා බලාගෙන මුකුත්ම නොකියා හිටියද කියලා......
ඒ දෙන්නා සෝෆාවෙ ඉදන් ඉන්නවා දකිද්දි මගේ ඇහේ කටු අනිනවා වගේ දැනුනා..

මමනෙ එයාලා මැදට ආව තුන්වෙනියා...ඒ නිසා මමයි ඈත්වෙන්න ඕනෙ කියලා කොච්චර හිතන්න හැදුවත් මට අර කෙල්ලව බිමට ඇදලා දාන්නමයි හිතුණේ...

තමුසෙ ඔය ඉන්නෙ මට අයිති තැන.....
මට ඕනෙ වුණා එතන අයිති කරගන්න...

ඒත් සර්ට ඕනෙ මාව නෙවෙයිනෙ...
එයාට මාව නිකම්ම විහිලුවක් වෙන්න ඇති...
ඒත් දෙයියනේ මට අකමැති නං...
එයා දැනටම කෙනෙක්ට ආදරෙයි නං...
එයාට තිබ්බනෙ මං ළංවෙනකොට ඈත්වෙන්න...
එයා මෝඩයෙක් නෙවෙයිනෙ....
මං එයාට කැමතියි කියලා අගවපු හැටි නොතේරෙන්න බෑනෙ....

මම එයාලා දිහා කෙලින් නොබලම එළියට දිව්වා.....
බෑග් එකත් අරගෙන එළියට....

ඒත් මට ගෙදර යන්න ඕනෙ නෑ...
මගේ කකුල් ඇදුණේ මාලිගාව දිහාට...

මම දන්නෙම නැතුව නුවර වැව ළග නතර වෙලා.....
මට පේන්නම බැරි නුවර වැව.......
ආදරෙත් එක්ක මම ගලපන්න අකමැතිම නුවර වැව ළග...

මට සර්ව මතක් වෙන එක අමතක කරන්න ඕනේ....
ඉතින් මම අරමුණක් නැතුව වැවරවුමේ ඇවිද්දා....

දැන් දෙකට විතර ඇති, අව්ව බැහැගෙන යන වෙලාව.......
ළා කහ පාට ඉර එළිය වැවට වැටිලා පරාවර්තනය වෙලා ඇස් නිලංකාර වෙනවා.....
අපිට මොනවා වුණත් වැව හැමදාම වගේ එහෙම්මම තියෙනවා....
මගේ හිතේ තියෙන වේදනාව වැවට දැනුනනං වැව වලාකුළු බැමි යටකරන් ගොඩගලන්න ඕනේ...

මං වැවේ හිටිය දියකාවෝ දිහා බලන් ඇවිද්දා....
උන්ට නං මොකෝ...හැමදාම පීන පීන මාළු අල්ල අල්ල කකා ඉන්න තියෙන්නෙ.....
මට දියකාවෝ එක්කත් ඉරිසියයි...

මනුස්සයා කියන සතා මෙච්චර සංකීර්ණව මැව්වෙ ඇයි????
නිකම්ම කාලා බීලා වර්ගයා බෝ කරලා ඔක්කොම ඉවර කරා නං හරිනෙ...මොකටද හැගීම් කියලා දෙයක් දුන්නේ????

මේ රිකී කවදාවත්ම ආදරේ කරලා නෑ..
ඉස්කෝලෙ කාලෙදිවත්...ඊට පස්සේවත්....කොල්ලෙක් කෙල්ලෙක් කාටවත්ම....

පතොක් මල්🌵✔️Where stories live. Discover now