විසි හතරවෙනි ඉඩෝරය🌵

1.1K 233 48
                                    

ශෙනාල්ගෙ pov❤️

පරණ කතාවක් තියෙනවා ඕනම තැනක් ගෙදරක් වෙන්නනං ගෑනියෙකුගෙ අතයි හදවතයි තියෙන්න ඕනෙලු....
මං හිතන්නෙ එතනින් අදහස් කරන්නෙ ගෑනු කෙනෙක් කියන එකම නෙවේ....
ඒ කියන්නෙ ආදරේ බෙදන උණුසුම් හදවතක් ගැන.......මොන දේ සිද්ධ වුණත් දුවගෙන ඇවිත් තුරුල් කරන් වෙහෙස නිවන්න පුලුවන් කෙනෙක් ගැන....
හරියට මට යෙහාර වගේ...
යෙහාර නැති ඕනම තැනක් මට ගෙදරක් නෙවේ .....

ඊයෙ රෑ ගොඩක් වෙලා යනකං නින්ද ගියේ නෑ.....යෙහාර එක්ක හිටිය දවස් තුනට මට එයාව හුරුවෙලා.....
අවුරුදු ගාණක් තනියම නිදාගත්තු මට මගේ ඇද පාළුයි වගේ දැනෙනවා..

පොඩි කාලෙ ඉදලම දිනූටයි මටයි කාමර දෙකක් තිබ්බා.....
අපි නිදාගත්තෙ එක කාමරේ ඇදන් දෙකක.....
එයා නැති පාළුව දැනුනත් මට ඒ ගැන හිතන්න විදිහක් නොතිබුණේ මම ඊට පස්සේ නිදාගත්තෙ කොලඹ ස්කූල් එකේ හොස්ටල් එකක ළමයි දහයක් හිටිය ඩෝම් එකක නිසා ...
නිදහසේ අඩන්නවත් බැරි තැනක අවුරුදු හයක්ම හිරවෙලා ඉදලා  තනියම නිදාගන්න ලැබෙද්දි මට දැනුනෙ නිවන් දැක්කා වගේ....

ඊට පස්සේ අවුරුදු ගාණක් තිස්සෙ අඩි හතක් පළල ඇදක තනියම නිදාගත්ත මම බිම දාපු පරණ මෙට්ටයක් වෙනුවෙන් දැන් හූල්ලනවා....
මොකද ඒ මෙට්ටේ මාත් එක්ක යෙහාර ඉදිය නිසා.....

එයාව තුරුල් කරගන්න තිබ්බනං හොදටම ඇති මට.....
පිස්සුවක් වගේ හිතෙනවා ඇති එච්චර සෙක්සි කොල්ලෙක් ළගපාත තියාගෙන තුරුල් කරගන්න විතරක් හිතන එක ගැන.....

ඒත් මගේ ජීවිතේ ගෙවලා බලන්න ඕනෙ මම ජීවත් වෙන මළ පාළුව තේරුම් ගන්න..මං දිහා මතුපිටින් බලලා මට මොන ප්‍රශ්නද කියලා හිතන මිනිස්සුන්ටත් මං ගැන අනුකම්පා හිතෙයි.....

මගේ මුළු ජීවිතේම මළ ගෙයක් වගේ...මම බාගෙට මැරිච්ච මිනිහෙක්....
යෙහාර ළග ඉන්නකොට විතරයි මට පණ තියෙනවා කියලා දැනෙන්නෙ...
යෙහාර නෙවෙයි ඇත්තටම බලද්දි  මමයි එයාගෙන් යැපෙන්න පටන් අරන් තියෙන්නෙ...

මම ඔෆිස් එකට යද්දි යෙහාර ඇවිත් නෑ...එයාගෙ කකුල තාම ටිකක් අමාරුයි...
ඒත් ගෙදර ඉන්න කැමතිත් නෑ......
පණ්ඩිතකමනෙ...
දැන් ඕකා ගෙදරින් එන්නෙ තේ එකක්වත් නොබී...මං දන්නැද්ද....

පතොක් මල්🌵✔️Where stories live. Discover now