දහ අටවෙනි ඉඩෝරය🌵

1.3K 272 29
                                    

ශෙනාල්ගෙ pov❤️

මම උදේම ඇහැරියේ හෙණ කම්මැලිකමෙන්...මම උදේම ඇහැරලා ජොගින් යනවා වෙනදට...
අද නං කම්මැලියි...

මම ෆෝන් එක අතට ගත්තා ඌරුපැටියට ගුඩ්මෝනිං කියන්න...

චැට් එක ඕපන් කරනකොටම හිනාවක් ගියා...
එයාගෙ ෆෝන් එක බට්න් ෆෝන් එකක් නිසා ඉමෝජි එවන්න බෑ..

ඉතිං එයා අර පරණ තාලෙ විදිහට තරු වලින් , අකුරු වලින් තියෙන ඉමෝජි එවනවා....
ඇත්තටම නිකං හාට් ඉමෝජියකට වඩා එයා තරු වලින් හදන හාට් ඉමෝජිය දැක්කම හැගීමක් එනවා..

හරියට අපි දෙන්නා අසූව දශකෙ ඉපදිලා දෙදාස් මුල ගණන්වල ආදරේ කරපු කපල් එකක් වගේ දැනෙනවා...
යෙහාර කොහොමත් ටිකක් පරණ තාලෙ කෙනෙක්.....

නළලට කිස් එකක් දුන්නත් දගලලා ගැලවිලා යන්නමයි හදන්නෙ.....
මටත් උවමනාවක් නෑ හාදුවකින් එහාට දැන්ම දුර යන්න....

එයාට කවදාහරි මගේ අයිතිය ලියලා දුන්න දවසටයි එයා මගේ වෙන්නේ....
මං සාම්ප්‍රදායික ඇති....
ඒත් එයා ඉස්සරහා මොන හැගීමක් දැනුනත් මට මාව පාලනය කරගන්න පුලුවන්...

එයා තාමත් අපි දෙන්නා අතර තියෙන හැගීම ගැන විශ්වාස කරනවා අඩුයි...
ඉතිං එයා කවදාහරි මුළු හිතින්ම මගේ වෙනකං මට ඉවසන්න වෙනවා...

"Good morning uru patiyo"

එයා මැසේජ් එක සීන් කලා....ඒ කියන්නෙ එයත් ඇහැරලා....
මට පොඩි එකෙක් වගේ ඇද උඩ පෙරලෙන්න හිතුණා....ෆෝන් එකට කිස් එකක් දෙන්න හිතුණා...
අවුරුදු තිහකටත් කිට්ටු මට අවුරුදු දහ අටක පලවෙනි වතාවට ආදරේ කරන කොල්ලෙක් වගේ දැනුනා ...

එදා නෙත් බෝධිය ළගදි මේ සම්බන්ධෙට මුල් ගල තියලා දැනට මාසයකුයි දවස් දෙකක් ගිහින්....

"Good morning ayye...(。♡‿♡。)
mama me sambola hadanna pol ganna ahariye...amma idiappa hadanawa udeta...oyatath ekka gennamko..."

"Mm ..enakan balan innawa...."

"Manda , idiappada??aa..."

"Oyage mona balannada seedevi.. idiappa enakan inne..."

"(。•́︿•̀。) ayye... :-( "

එයත් දැන් ටික ටික හුරතල් වෙන්න දන්නවා...
එයාව අවුස්සන එක හරි විනෝදයි...
කටත් උල් කරන් කම්බුල් පුම්බගෙන බලද්දි මිරිකන්න හිතෙනවා...

පතොක් මල්🌵✔️Where stories live. Discover now