එකොලොස් වෙනි ඉඩෝරය🌵

1.5K 299 24
                                    

යෙහාරගෙ pov 💚

ඊයෙයි අදයි දවස් දෙක හරියට රෝලර් කෝස්ටරයක් වගේ......
අපේ වත්තෙ උං කියනවා වගේ ගංජා  අතක් ගහලා වගේ තමා මට දැනුනේ...

ඊයෙ උදේ පාන්දර බැනුමකුත් අහලා, තව අර වැම්පයර් බංගලාවටත් ගිහින් අන්තිමට පොලොන්නරුවෙත් ගිහින්....දවසම ෆයිල් එකක් උඩ නිදිකිරලා ඊට පස්සේ ගල් විහාරෙටත් ගියා...

ම්ම්ම්....තව දෙයක්....
පලවෙනි වතාවට මම සර්ගෙ අතින් ඇල්ලුවා.....
එයා අත ආපහු ගත්තෙ නෑ......එක්කො එයා ඒක ගණන් ගත්තෙ නෑ...නැත්තං එයාට අත ගන්න ඕනෙ වුණේ නෑ..

සාමාන්‍යයෙන් අපි හොදම යාළුවො නෙවෙයි නං කොල්ලෙක්ගෙ අතින් අල්ලන්නෙ නෑනෙ.....
මට හොදම යාළුවෙක් ඉදලා නැති නිසා මම නං ඒකත් හරියට දන්නෑ..

ඒත් ඉතිං මම වුණත් මම අදුනන කොල්ලන්ගෙ පිටට තට්ටුවක් දානවා හැර කාටවත් මෙච්චර ළං වෙලා නෑ..

ඉතිං සර්ගෙ අතින් අල්ලන එක හිත හිරිවට්ටන අත්දැකීමක්...
මම නිර්භීත වෙලාද මන්දා...

හැමෝම ආඩම්බරයි කියන බූමාටු රිකී ආදරෙන් බැදිලා....ජීවිතේ පලවෙනි වතාවට...
ඒත් ඒකත් නවතින්න බැරි තැනක...

අපි ජීවත් වෙන්නෙ ලෝක දෙකක....ඉතින් ගලපගන්න පුලුවන් වෙයිද???
සර් කියන්නෙ හරියට අහසෙ පෑව්ව ඉරක් වගේ...
මම ඉරට ළංවෙන්න බැරි මුහුද වගේ..
හැමදාම හවසට විතරක් ඉර මුහුදෙ ගිලුණට ඉර ආපහු උදේට අහසට යනවා.....

ඉතින් සර් ගැන හිතන එක මිරිගුවක් ගැන හිතනවා වගේද...??

මම මුළු රෑම ඇදේ පෙරලි පෙරලි හිටියා...
මේ ඇද සැපයි...මම ඉදහිටක හැර ඇදක නිදාගෙන නෑ....එච්චර හුරුත් නෑ හුරුයි වගේ හිටියට...

මම ළගින් මානකොකාගෙ සුවද එනවා....
එයාගෙ ඇදුමක් මේක....
සැවැන්දරා සුවදක් තියෙනවා ඒ ඇදුම් වල...
මම ඇදේ ගුලිවෙලා ඒ සුවද වින්දා..

අම්මයි නංගියි දැන් නිදි ඇති....
එයාලට මම හවස කතා කරා....
එයාලා පාන් කෑවා කිව්වා...
අපි තෝසේ කෑවා...

හෙට උදේම අපි ගෙදර යනවා....
මට නං ආසයි තවත් ඉන්න...ඒත් මේක විනෝද වෙන්න ආව ගමනක් නෙවේනෙ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now