දහවෙනි ඉඩෝරය🌵

1.5K 314 30
                                    

ශෙනාල්ගේ pov❤️

අද උදේ මට ඇහැරෙන්න පරක්කු වුණා.....
ඒ නිසාම කලබලෙන් යද්දි පඩිපෙලේ වැට ළග කොන්ද ඇනුනා...
ඊට පස්සේ කොන්දත් අතගගා අමාරුවෙන් යද්දි හත පහුවුණ නිසා බ්ලොක් එකටත් අහුවුණා....
ඉතිං දවස පටන් ගත්තෙ කාලකණ්ණි විදිහට...

ඔෆිස් එකට දිවිවෙ ඌරු පැටියා ඇවිත් ඇති කියලා හිතන්....
ඊයෙ උදේ මම යනකොට එයා රූම් එකේ ඉන්නවා දැක්කම මගේ හිතේ ප්‍රශ්න ඔක්කොම නැතිවුණානෙ....
අදත් ඒ මූණ දිහා බලලා විහිලුවක් කරලා එයාගෙ අර ලස්සන හිනාව බලන්න තිබ්බනං හරි....

ඒ හිනාව පුදුම ලස්සනයි....සමහර විට නිතර හිනාවෙන්නෙ නැති නිසා වෙන්න ඇති...
මගේ හිනාව නං හරි ලාභයිනෙ...
මොකද මට හිනාවත් ආයුධයක්...
ඒත් එයාගෙ හිනාව එහෙම නෙවේ...
ඒක තෑග්ගක්....

මම ඔෆිස් එකට යද්දි එයා රූම් එකේ නෑ...
ඔෆිස් එකේ මිනිහෙකුයි ගෑනියෙකුයි එක්ක කදේ දාගෙන මොනවදෝ කනවා....

උදේ තිබ්බ කේන්තිය දෙගුණ වුණා...මම කතා කරාටවත් මේකට ඇහුණේ නෑ...
කොෆි එකත් ඇල් වෙලා....

කෝල් එකක් අරන් තර්ජනය කරාම තමා ආවෙ......
මම එයාව යැව්වා පැය දෙකක විතර වැඩකට එළියට.....රේඛා එක්ක ලේසි නෑ....
ඒත් තරහට යැව්වට මොකද මටම පාළුයි වගේ......

එයා එද්දි එකොලහට විතර ඇති...

ඊට ටිකකට කලින් මට කෝල් එකක් ආවා අලුත් ප්‍රොජෙක්ට් එකක් ගැන බලන්න පොළොන්නරුවට යන්න....
පැය තුන හමාරක දුරක්....
දවසක් ඉන්නත් වෙනවා..

වෙනදා නං මම කොච්චර මහන්සි වුණත් මෙහෙම ගමනක් යන්නෙ තනියම...මට බෑ එක දිගට දවස් දෙකක් එක දිගට මෙලෝ මනුස්සයෙක් එක්ක ඉන්න...

ඒත් දැන් ඌරු පැටියා ඉන්නවනෙ...
එයාවත් එක්කන් ගියොත් ෂේප්....

මේක බිස්නස් ට්‍රිප් එකක් වුණත් මට සතුටක් දැනුනා...
මම විනෝදෙට ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ...

තාත්තත් බිස්නස් සම්බන්ධ ගමනක් හැර කාලෙකින් කොහේවත් ගිහින් නැතුව ඇති...අපේ ජීවිත වල හැටි එහෙම තමා...

මම එහෙමම යෙහාර එක්ක ගෙදරට ගිහින් එයාව කාමරෙන් තියලා වොෂ් එකක් දාගන්න ගියේ දවල්ට කාලා එහෙමම යන්න හිතාගෙන....

පතොක් මල්🌵✔️Where stories live. Discover now