හතලිස් තුන් වෙනි ඉඩෝරය🌵

1.1K 229 41
                                    

යෙහාරගෙ pov 💚

හරිම මහන්සි දවසක්....වැඩ කරලම නෙවේ....මගේ හිතටයි මහන්සි.....
මේ තියෙන ප්‍රශ්න ඉවරයක් වෙන්නෙ කවදද???
අයියටයි මටයි සැනසීමෙන් ඉන්න ලැබෙන්නෙ කවදද???

මට ඕනේ අපි යාළුවෙච්ච මුල් කාලෙට යන්න.....එයාගෙන් කෝල් නැතිවුණාම බොරුවට තරහා ගත්ත...
එයා ළගට දුවන් ගිහින් කිස් එකක් හොරකම් කෙරුව.....ඔෆිස් එකේදි බත් එකක් දිගෑරලා එයාටත් කවලා මමත් කෑව ඒ සරල කාලෙට යන්න...

දැන් මේ තියෙන ප්‍රශ්න මට දරාගන්න අමාරුයි......ඉස්සර මට තිබ්බෙ මාසෙට මැච් එකක් ගහගන්න සල්ලි හොයාගන්න විදිහ ගැන ප්‍රශ්න......
නංගිව ඉස්කෝලෙ යවාගන්න එක ගැන ප්‍රශ්න.......ඒ ප්‍රශ්න මැද්දෙ වුණත් මගේ ජීවිතේ සරලයි සැහැල්ලුයි.....

ඒත් දැන් මට ඉස්සර වද වුණු දේවල් ගැන හිතන්න දෙයක් නෑ....ඒත් ඒ වෙනුවට මගේ ජීවිතේ සංකීර්ණ වෙලා....

මම වර්ක් රූම් එකේ වැඩ බලලා උඩට ගියේ නාලා ටිකක් නිදාගන්න....

මම කාමරේට යනකොටත් අයියා උඩට ඇවිත් නෑ....එයා තාම රොවේන් අයියා එක්ක කතාව වගේ....

මම නාලා කාමරේට ඇවිත් අයියගෙ ටී ෂර්ට් එකකට ෂෝර්ට් එකක් දාගෙන ඇදට ආවෙ මේසෙ උඩ තිබ්බ අයියගෙ ෆෝන් එකත් අතට අරන්.......
තාම හයයි වෙලාව.... නිදාගන්න කල් වැඩී....

මම ඇදට වෙලා ටිකක් වෙලා ඔහේ ඉද්දි අයියා ආවා....

එයා කෙලින්ම මං ලගට ඇවිත් එක පාරටම මාව තුරුල් කරගනිද්දි මට පුදුමත් හිතුණා....ඉස්සර වගේ නෙවේ..අපි දෙන්නම වෙනදට කාමරේට ඇවිත් මුලින්ම යන්නෙ බාත්රූම් එකට.....අපිට අපිව අමතක වෙලාදෝ මන්දා...
ඒත් අයියා මෙහෙම මං ලගට එද්දි මට අපි ආදරේ කරපු මුල් කාලෙ ගැන නොස්ටැල්ජියාව ආයෙ දැනෙන්න පටන් ගන්නවා...

"මොකද මේ නාකි හුරතලේ...."

අයියා මං වටේ දාගෙන හිටිය එයාගෙ අත්වල ග්‍රහණය වැඩිකරා...

"ඕකනෙ ඉතිං බැරි....ළං වුණත් වැරදී..ඈත් වුණත් වැරදී....චුට්ටක් හුරතල් වෙන්නකෝ...උඹ ලොකු වෙනවට මං කැමති නෑ බං....මගේ පුංචි එකා වෙනවද...අදට විතරක්වත්... මට ලස්සන මතකයක් ඕනේ..."

පතොක් මල්🌵✔️Där berättelser lever. Upptäck nu