නව වෙනි ඉඩෝරය🌵

1.5K 317 45
                                    

යෙහාරගේ pov💚

"අයියේ...අනේ මාත් එක්ක කඩේට යන්න එන්නකො..."

"මොකද අප්පා...මං ගෙදර ආවා විතරයිනෙ...අර බොසා මාව තියාගෙන මැරෙව්වා මදිවට උඹටත් මාව මරවන්න ඕනෙද.....හැන්දෑ වෙනකම්ම අර කසිකබල් කබඩ් එකක් අස් කරන්න වුණා....කොන්දත් රිදෙනවා..."

මං කෑ ගැහුවෙ සාලේ කෑල්ලේ දාලා තිබ්බ පැදුරෙ නිදාගෙන.....ටෝජා මගේ බඩ උඩ....එයා දැන් ටිකක් ලොකුයි...හෙණ ආඩම්බරයි...

අද මොන නැකතක නැගිට්ටද මන්දා... අද වුණේම මගේ ගෞරවේ රෙද්දෙ පල්ලෙන් බේරෙන දේවල්මයි.....

අර මකුළු සීන් එක මානකොකාගෙ ඔලුවෙන් මකලා දාන්න බැරිවෙයිද.....
මොන යකෙක් වැහිලද මම ඌගෙ උකුල උඩට නැග්ගේ....

මට මතක් වෙනකොටත් හිරි වැටෙනවා වගේ.....
ඌට නං මොකෝ.....
මටනෙ දැනෙන්න ඕන නැති දේවලුත් දැනෙන්නෙ...

තව පොඩ්ඩෙන් මානකොකාට  කොක්කු පේනවා...
වස ලැජ්ජාව එහෙම වුණොත්...
හොද වෙලාවට මානකොකා මං වගේ කෙනෙක් නෙවේ.....

"මොනවද අයියේ කල්පනා කරන්නෙ , මූණත් රතු වෙලා..."

"නෑ නෑ මුකුත් නෑ, ඇයි කඩේට යන්නෙ"

"ෂැම්පු එකකුයි සබන් එක්කුයි ගන්න....."

"අර සබන් තිබ්බෙ..."

"ඒ අම්මා ගාන බේබි සබන්නෙ...මං ගාන්නෙ රාණි..."

"හත්තික්කේ....එහෙමත් එකක්ද....ඒවා සුවදද...."

"අයියෝ යංකෝ...."

"යං යං, පොඩ්ඩක් ඉන්න ෂර්ට් එකක් දාන් එන්නං.."

මම කාමරේට ගිහින් රැක් එකේ තිබ්බ ෂර්ට් එකක් උඩින් දාන් බොත්තම් දදා ආවා.....

නංගි ඉස්සර වෙලා යද්දි මම පස්සෙක් ගෑටුවා...දැන් හයට විතර ඇති, ලොකු දුරක් නැතත් පොඩි එකීව තනියම යවන්න බෑනෙ...
මේ වෙලාවට බීපු මිනිස්සු ගෙවල් වලට එන වෙලාව.....

"ආ...රිකී...කොහෙද හිමායා එක්ක යන්නෙ..."

හම්මට ඩිලානි අක්කා...මෙයා හෙණ ගිනි බෝම්බේ...

"කඩේට යනවා අක්කේ, මේ නංගිට මොනවදෝ ගන්න..."

"මල්ලිව දැන් හරි අඩුවෙන්නෙ දකින්නෙ...උඹලටත් හරි ගිහින් එහෙනං...."

පතොක් මල්🌵✔️Where stories live. Discover now