තිස් එක්වෙනි ඉඩෝරය🌵

1.1K 234 60
                                    

යෙහාරගෙ pov💚

මම අහක බලාගෙන හැමෝගෙන්ම ඈත්වෙලා අතුත් බැදගෙන ඉදන් හිටියා....
මම තාම තරහයි .....

අයියා මට එහා පැත්තෙ ඉදගෙන අර තුවාල අතත් හොල්ල හොල්ල ෆෝන් එකේ ගේම් එකක් ගහනවා...

ගෝ..ගෝ... යූ ෆකින් බාස්ටඩ්..... දේ ආර් හියර්...යස්.. යස්...යස්....ලෙට්ස් ෆිනිෂ් දිස්....නෝ....නෝ...නෝ...යූ ෆක්...නෝ.....ඩෙඩ්...ෂිට්.....

රොවේන් අයියා වාහනේ ඩ්‍රයිව් කරන අතරේ නංගි එයාට එහා පැත්තෙ ඉදගෙන ඉස්කෝලෙ පන්තියේ වෙච්ච මොකද්ද මගුලක් කියවනවා.....

ඒත් කවුරුත් මාව ගණන් ගන්නෑ........

මං පැරදුණා....මම යනවා අයියා එක්ක...නංගිවත් අරන්....
මම දන්නවා  ...අයියා හරි...
හිතේ හයිය විතරක් මදි.....
මට උදව් ඕනේ ......
පිටස්තර කෙනෙක්ගෙන් උදව් ගන්නවට වඩා ඒ අයියා වෙන එක හොදයි....
ඒත් මං කවදාහරි ගෙවනවා....

මට බයයි අම්මා ගැන....එයාගෙ අසනීපෙ ගැන හොදක් දැනෙන්නෑ මට...
ඒත් මගේ හිතේ තිබ්බ බර අඩුවෙලා...
මම හැමදේම තනියම කරන්න ඕනේ  කියන හැගීම නැතිවෙලා....
ඔලුව පුපුරන්න වගේ දැනුන හැගීමත් නැතිවෙලා...

මං ලග අයියා නොහිටියත් මට නොමැරී ජීවත් වෙන්න පුලුවන්.....
ඒත් මම ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ එයා ළග ඉන්නකොට.....

අපි මේ හදිස්සියේ ගියාට මම දන්නවා මේක තීරණාත්මක ගමනක්.....
අයියා මට පැහැදිලිවම කීවා එයාට ඕනෙ මාව එයා ලගට ගන්න කියලා...
ඒත් එක්කම එයාට නංගි වෙනුවෙන් වෙන්න ඕනෙ යුතුකම් ඉෂ්ට කරන්නත් ඕනෙ කියලා....

ඒත් මට ඉරිසියයි....මම මාව අයියට දුන්නත් මට නංගිව නං ලේසියෙන් දෙන්න බෑ.....එයාට අවුරුදු දාසයක් පුරාවට හිටිය අයියා මං...එයාට ළගම කෙනා....එයාගෙ යාළුවා...වීරයා ඔක්කොම මං....
ඒ තැන වෙන කෙනෙක්ට දෙන්න, බෙදාගන්න... ලෝභයි....
අයියා නංගිගෙ මස්සිනා වුණාම ඇති...

අපි ආවෙ එක දවසක් විතරක් මම ඇවිත් තියෙන ඒ ගෙදරට.....
මහ රෑට ඒ ගෙදර තවත් අද්භූතයි.....
ඒත් හද එළිය වැටෙනවා පෙනෙද්දි අමුතු , සෞම්‍ය ලස්සනකුත් තියෙනවා....

"බහින්න ....".

අයියා දුවගෙන ඇවිත් මං හිටිය පැත්තෙ දොරත් ඇරියා...

පතොක් මල්🌵✔️Where stories live. Discover now