තිස් හයවෙනි ඉඩෝරය🌵

1K 222 22
                                    

ශෙනාල්ගේ pov❤️

ජීවිතේ මහ මුහුදක් නං අපි ඒ මහ මුහුදෙ පාවෙන ඔරු වගේ..........
සමහර වෙලාවට මුහුද නිශ්චලයි....
ඒත් සමහර වෙලාවට එන කුණාටු නිසා ඔරුව පෙරලෙන්නම යනවා ......

ඉතිං යෙහාරයි මමයි දෙන්නම උත්සාහා කරනවා අනිත් කෙනාගෙ ඔරුව නොපෙරලී තියාගන්න......ඒක හිතලා කරන දෙයක් නෙවේ...සමහරවිට ආදරේ කරනකොට එහෙම වෙන්න ඇති...
වෙලාවකට යෙහාර මගේ ඔරුවට රුවලක් වෙද්දි මම එයාගෙ ඔරුවට රුවලක් වෙනවා....

අම්මා නැතිවුණ දවසෙ ඉදලා සති තුනක් විතර යනකං මම යෙහාර ගැන බයවෙලා ඉදියේ.......
එයත් සමහර වෙලාවට මං වගේ....
දුක පිටකරගන්න බැරුව හිරකරන් ඉන්න කෙනෙක්.....

එයා අම්මා නැතිවෙලා හත් දවසෙ දානෙත් ඉවරවෙනකං එක මොහොතකට නංගිව තනියම තිබ්බෙ නෑ...නංගි අඩන අඩන ගාණට එයාව සැනසුවා...නංගිට අම්මා නැති අඩුව නොදැනෙන්න මගේ පොඩි එකා උපරිම මහන්සි වුණා...
අයියෙක් කියන්නෙත් අප්පච්චියෙක් තමයි කියන එක මට තේරුම් කරේ යෙහාර.....
මගේ ලග පොඩි දරුවෙක් වගේ හුරතල් වෙන යෙහාර නංගි ඉස්සරහා නංගිව ආරක්ෂා කරන , බලාගන්න පවුරක් වගේ...
වෙලාවකට ලෝභයි...පොඩි කාලෙ අම්මා නැතුව වේදනා විදිද්දි  මටත් ඔහොම කෙනෙක් හිටියනං කියලා හිතුණා....

යෙහාරට දුක හිතුණම කරන්නෙ මගේ ළගට ඇවිත් වචනයක්වත් නොකියා තුරුල් වෙනඑක..
අම්මා මතක් වෙද්දි....අපේ තාත්තා අතින් එයාට රිදෙන වචනයක් කියවෙද්දි....එයාගෙ දවස නරක දවසක් වෙද්දි ....
එයාගෙ වේදනාව එයා සද්ද නැතුවම එක සුසුමකින් විතරක් පිටකරා....
මම වැඩිපුරම බය වුණු දේ යෙහාර හිරකරන් හිටිය වේදනාව කොයිවෙලේ හරි එකපාර එළියට එද්දි  එයාට දරාගන්න බැරිවෙයි කියලා......

මීට සතියකට විතර කලින්.....
එදා ඉරිදා දවසක් ...යෙහාරගෙ නිවාඩු දවස....නංගි ඒ වෙද්දි  ඕලෙවල් ඉවර කරලා දවස් පහ හයක් ඇති....
යෙහාර එදා උදේ ඉදලා මගේ ෆෝන් එකෙන් බල බල නංගිට ඉංග්‍රීසි ක්ලාස් හෙව්වා ඒ ලෙවල් පටන් ගන්න  කලින් යවන්න ඕනෙ කියලා .....
හවස නංගි එයාගෙ යාළුවෙක්ගෙ ගෙදර ගිහින් හිටියෙ...
එයා ආව ගමන්ම නංගිව එයාට හොයාගත්තු ක්ලාස් ගැන කීවා...

පතොක් මල්🌵✔️Unde poveștirile trăiesc. Descoperă acum