Chapter 3

679 119 137
                                    


CHAPTER 3 - A BAD LIAR

______________


"ඔයාට තනියම පුළුවන් ද? නැත්තං මම බොමීව එවන්නම් උදව්වට."

"නෑ නෑ...... මට තනියම කරගන්න පුළුවන් වෙයි. මට වොෂ් රූම් එක තියෙන තැනට යන්න උදව් කරනවද?"

ජංගුක් කියද්දි කොල්ලාගෙ අතින් අල්ලගත්ත ජීහා කොල්ලව වොෂ් රූම් එක ඇතුලට අරගෙන ගියා. බොමී අරගෙන ආපු ඇඳුම් වලින් දැනට ඕන කරන ඇඳුම් ටිකක් වොෂ් රූම් එක ඇතුලෙ තිබුණ රැක් එකෙන් දාලයි තිබුණෙ. 

ජංගුක්ව බාත් ටබ් එක ලඟට අරගෙන ගිය ජීහා දැනටමත් මඳ උණුසුම් වතුරෙන් පිරිලා තිබුණ වතුර ලඟට කොල්ලාගෙ අත අරගෙන ගියා. 

"මෙතන වතුර තියෙනවා.... ඔයාගෙ ඉන හරියෙ තියෙන තුවාලෙ තෙමෙන්නෙ නැති වෙන්න වොෂ් කරගන්න. මම කෝකටත් බොමීව එක්කන් එන්නම්. ඔයාට චේන්ජ් කරගන්න උදව් ඕන වෙයි."

අනිත් දේවලුත් කොල්ලට ගන්න පහසු තැන් වලින් තියපු ජීහා එතනින් යන්නයි ලෑස්ති වුණේ. ඒත් එකපාරටම ජංගුක් කෙල්ලගෙ අතින් අල්ලගත්තා. හැරිලා බලද්දි ජංගුක්ගෙ ගැස්මක් නැති ඇස් යොමු වෙලා තිබුණෙ තමන්ගෙ දිහාවටමයි කියලා හිතුනත් ජංගුක්ට මොකුත්ම නොපෙනෙන බව ජීහා දැනගෙන හිටියා.

"ස්තූතියි.....!"

"ඒ මොකටද?"

ජීහා අහද්දි ජංගුක් ලාවට හිනා වුනා. කොල්ලාගෙ බාහිර ශරීරයෙන් පේන දැඩි බව කොල්ලා ගෙ හිනාවෙන් නොපෙනෙන එක නම් පුදුමයක්. ජංගුක්ගෙ හිනාවට ජීහාගෙ ඇස් ක්ෂණිකව වශී වුණා. 

"මට මේ විදිහට උදව් කරනවට ගොඩක් ස්තූතියි ජීහා....... මම ඔයාට ණයගැතියි."

"ආහ්...... ඒක ගැන හිතන්න එපා. මුලින්ම ඔය තුවාල සනීප කරගෙන ඉමුකො. මම යන්නම් එහෙනම්...."

ජංගුක් හෙමින් ඔලුව ඉහල පහල කරද්දි ජීහා වොෂ් රූම් එකෙන් එලියට ආවා. වොෂ් රූම් එකේ දොර නිකං වහලා දාපු ජීහා එතනම තිබුණු බිත්තියට හේත්තු වුනේ පපුවට අත් දෙකත් තියාගන්න ගමන්.

"දෙවියනේ...... එයා මේ ටිකට ඔයාට මොනවා කරලද මන්දා ජීහා.? එයාව දකිද්දි මම..... ආශ්..... මගේ මූනත් රතු වෙලා නේද?"

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now