Chapter 25

522 94 49
                                    


CHAPTER 25 - ROOFTOP ICE CREAMS

__________


ඔෆිස් එකට යන්න වෙන එක ගැන ජංගුක් හිටියෙ ඒතරම් හිත හොඳින් නෙවෙයි. කොහොමත් ජංගුක් වැඩියෙන් කැමති අනිත් අයගෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන්න. ඔෆිස් එකේ වැඩට යනවා කියන්නෙ මාෆියා වැඩ වල පීඩනයට තවත් අමතර පීඩනයක් එකතු වෙන එක. ඒත් ජින් වෙනුවෙන් ජංගුක්ට මේක කරන්නම වෙනවා.

ෂවර් එක යටට වෙලා පැය භාගයක් විතර හිටපු ජංගුක් එයාගෙ බ්‍රෑන්ඩ් නිව් හෙයා වොෂ් එකෙන් කොන්ඩෙ සෝදගත්තා. ජංගුක්ගෙ අමාරු දවස් වලට හොඳක් වෙන්න මේ දේවල් වලට ටිකක් විතර පුළුවන්. හෙයා වොෂ් කලාට පස්සෙ ඇඟත් ඉක්මනට සෝදගත්ත ජංගුක් බාත් රොබ් එකත් ඇඳගෙන රූම් එකට ආවෙ අත් දෙකත් එකට අතුල්ලන ගමන්. 

ඉක්මනට ඇඳුමක් දාගන්න හිතුවත් ජංගුක්ගෙ අදහස වෙනස් වුනේ බෙඩ් ටේබල් එක උඩ තියෙන දුම් දාන කොෆී එක නිසා. හරියටම මීට මාස කිහිපයකට කලින් ජංගුක්ගෙ ජීවිතේ දිහා බැලුවොත්... වෙලාවට කලාවට මෙහෙම කෑම බීම ලඟටම හම්බවෙන ජීවිතයක් නෙවෙයි ජංගුක්ට තිබුණෙ. 

කොෆී එක අතට ගත්ත ජංගුක්ගෙ මූණට ආවෙ හිනාවක්. කොල්ලා කොෆී එක එහෙම්මම තියලා ෂෝර්ට් එකකට ටීෂර්ට් එකක් ඇඳගත්තෙ කොෆී එක මෙතනින් තියපු කෙනාව මතක් වුන නිසා. ජීහා...... 

කිචන් එකට වෙලා ඩිනර් එක ලෑස්ති කරන ගමන් හිටපු ජීහා ගැස්සිලා ගියේ සීතල අත් දෙකක් තමන්ගෙ ඉන වටේ එතෙන්න ගත්ත නිසා. නාපු ගමන්ම නිසා ජංගුක්ගෙ අත් ටිකක් සීතලයි. කොල්ලා ජීහාගෙ උරහිසින් තමන්ගෙ නිකට තියාගෙන ජීහා කරන වැඩේ දිහා බලන් හිටියා.

"මම නැතුව මොනවද දවල් කලේ ම්ම්?"

"විශේෂ දෙයක් නෑ... ම්ම්... මම ගේ අස් කලා. ඊටපස්සෙ ඔයාගෙ ගිෆ්ට්ස් ටික බැලුවා."

"ඕහ්.... මට අහන්නත් බැරි වුණා. ඔයා ඒවට කැමතිද?"

"ඔව්..... මං ගොඩක් කැමතියි ජංගුක්. ඇත්තටම ඔයා කොහොමද එච්චර හොඳට කෙල්ලන්ට ඇඳුම් තෝරන්න ඉගෙන ගත්තෙ?"

ජීහා ඇහුවෙ ජංගුක්ගෙ පැත්තට හැරෙන ගමන්. ඒත් කොල්ලා කලේ ජීහාගෙ නලලට තමන්ගෙ නලල හේත්තු කරලා දිගු හුස්මක් පහල දාපු එක. ජංගුක්ට වැඩ නිසාම ටිකක් මහන්සියි. වෙලාවකට බොරු කරලත් ජංගුක්ට මහන්සි ඇති.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now