Chapter 42

388 87 21
                                    


CHAPTER 42 - THIS IS NOT THE END

__________


"ආ...... මේක කාලා ඉන්න......"

ජින් ගෙනත් දුන්න කෝන් ඩෝග් එක අතට ගත්ත සෝහි ඒක කන්න පටන් ගත්තා. ඒ අතර සීට් බෙල්ට් දාගත්ත ජින් කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තෙ තව ටික වෙලාවකින් එයාලට අවශ්‍ය තැනට ලංවෙන්න පුළුවන් වෙන නිසා. වෙලාව හවස හයයි. ජින් සෝහි දෙන්නා හිටියෙ කාර් එකේ ඩේගු වලට එන ගමන්. ජන්සෝල්ව හම්බවෙලා මේ වැඩේ ඉවරයක් කරගන්න ඕන නිසයි එයාලා මේ දේ කරන්න ලෑස්ති වුණේ. 

කෝන් ඩෝග් එක අතට ගත්තත් කෙල්ලට කන්න ඒතරම් වුවමනාවක් තිබුණෙ නැහැ. සෝහිට තිබුණා බයක්... එයාගෙ අප්පව හම්බුනාට පස්සෙ මොකක් වෙයිද? ජන්සෝල් ජින්ටයි අනිත් අයටයි කරදරයක් කරයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් කෙල්ලගෙ ඔලුව ඇතුලෙ තිබුණා.

"ඕක දිහා බලාගෙන ඉන්නෙ නැතුව ඕක කන්න සෝහි. අපි එහෙට ගියාට පස්සෙ ආයෙ කෑම කන්න වෙලාවක් නැහැ."

"මට බයයි ජින් ඔප්පා........"

"ඒ ඇයි....? මොන දේ වුණත් ඔයාට අනතුරක් වෙන්නෑ සෝහි. ජන්සෝල් කොහොමත් ඔයාට කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ."

"මට බය ඔයාලා ගැන....."

සෝහි කියද්දි ජින් හිනා වුණා. සෝහි එකපාරටම තමන්ගෙ පැත්තෙ අය ගැන දුක් වෙන්නෙ ඇයි? ඒත් ජින් මේ වෙලාවෙ හිනාවෙන එකට නම් සෝහි කැමති වුණේ නැහැ. කෙල්ල හිටියෙ ඇත්තටම බය වෙලා.

"ඔය විදිහට හිනාවෙන්න එපා ඔප්පා..... මම සීරියස්ලි බය වෙලා ඉන්නෙ."

"හරි හරි.... මම දන්නවා. ඒත් ඔයා ඇයි අපි ගැන හිතන්නෙ? මං කියන්නෙ ඔයා හිතන්න ඕන ඔයාගෙ අප්පගෙ පැත්ත ගැනනෙ."

"මම දන්නෑ.... ඒ වුණාට මට බයයි. මම කැමති නෑ කාටවත් අනතුරක් වෙනවට."

"ඒක එහෙම තමයි සෝහි. මේ ගේම් එකේදි කෙනෙක්ට ෆේල් වෙන්නම වෙනවා. ඒක තමයි නීතිය."

ජින් කියද්දි කෙල්ල නිහඬවම බිම බලාගත්තා. කවුරු දිනුවත් සෝහිට ඕන වුණේ කාටවත් අනතුරක් නොවෙනවා දකින්න. ඒත් ඒක එහෙම වෙන එකක් නැහැ. පැය භාගයක් විතර යද්දි ජින් වාහනේ නතර කලේ පාළු පාරක් ලඟින්. එතනට තමයි ජංගුක් ජින් සෝහි දෙන්නට එන්න කියලා තිබුණෙ. ජංගුක් දෙන්නව ඩීල් එක වෙන වෙලාවටම මෙතනට ගෙන්නුවෙ ඊට කලින් එන්න කියලා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා තිබුණ බය නිසා.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now