Chapter 13

661 106 134
                                    


CHAPTER 13 - DANGEROUS MISTAKE AND BIKE CRASH

__________


Next Day Morning

ජීහා හිටියෙ කිචන් එකට වෙලා උදේ කෑම හදන ගමන්. කෙල්ලගෙ මූණ තිබ්බෙ මැලවිලා වගේ. උණ යන්තං අඩු වුණා විතරයි කෙල්ල ආයෙත් වැඩ කරන්න පටන් ගත්තත් ජංගුක් ඒකට කැමති වුණේ නැහැ. පොඩ්ඩක් ඉන්න..... ජංගුක්.... කැමති වුණේ නැහැ? 

ඔව් ඔව්..... කොල්ලා දැන් ජීහාගෙ වගකීම සම්පූර්ණයෙන්ම ඔලුවට අරන්. දැනට අපි ඔලුවට විතරයි අරගත්තෙ කියලා හිතමුකො. මොකද ජංගුක්ට තාමත් කෙල්ල ගැන ලොකු හැඟීමක් තිබ්බෙ නැහැ. මේක මේ නිකං වගකීමක් විතරයි. තමන්ව පාලනය කරගන්න බැරි වෙච්ච වෙලාවක ජීහාට තමන්ගෙන් වුන වැරැද්ද නිසා පසුතැවෙන නීතිගරුක ජංගුක් කෙනෙක් කෙල්ලගෙ වගකීම අරගන්න යනවා මිසක් එතන වෙන කිසිම දෙයක් නැහැ.

පෑන් එක හෝදලා අරන් ලිපෙන් තිබ්බ ජීහා පෑන් එක රත් වෙද්දි ඒකට තෙල් ටිකක් දැම්මා. තෙල් රත් වෙනකම් බිත්තර තුනක් කඩලා තව බෝල් එකකට දාගත්ත කෙල්ල ඒක හොඳට කලවම් කරන්න පටන් ගත්තා. කෙල්ල උයන දිහා ඩයිනින් ටේබල් එකේ ඉඳගෙන හිටපු ජංගුක් හොඳට බලාගෙනයි හිටියෙ. නිකං නෙවෙයි..... පොඩි හිනාවකුත් දාන ගමන්.

"ජීහා..........."

ජංගුක් කතා කලත් ජීහා නෙවෙයි කොල්ලට කිසිම අවධානයක් දුන්නෙ. ජීහාට ජංගුක් එක්ක තරහක් නෑ... හැබැයි කෙල්ල දන්නවා ජංගුක්ට තව තව ලංවෙන එකෙන් වේදනාවක් ලැබෙන්නෙ තමන්ටමයි කියලා. ජංගුක්ගෙ හිතේ තමන් ගැන අදහසක් නැත්තං බලෙන් කොල්ලව ලඟ තියාගන්න ජීහාට ඕන වුණේ නැහැ.

ජංගුක් කතා කලා කියලා ඇහුනෙ නෑ වගේ බිත්තර මික්ස් එක පෑන් එකට දාන්න ගිය ජීහා නතර වුනේ ජංගුක් එකපාරටම කෙල්ලගෙ අතින් බෝල් එක උදුරලා ගත්ත නිසා. බෝල් එක අරගෙන තමන්ගෙ එහා පැත්තෙන් තියපු ජංගුක් ලිප ඕෆ් කරලා තමන්ගෙ අත් පපුව හරහා බැඳගෙන ජීහා දිහා බලාගෙන හිටියා.

"ඔයා මොකක්ද කරන්නෙ ජංගුක්....? මට ඕක දෙන්න.... මට දැනටමත් හොඳටම පරක්කුයි."

ජීහා ආපහු බෝල් එක ගන්න හැදුවත් ජංගුක් කෙල්ලව හරස් කලේ එහෙට මෙහෙට පනින ගමන්. ජංගුක් එක්ක නම් බෝල් එක ආපහු ගන්න කෙල්ලට බැරි වෙයි. 

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now