Chapter 36

414 87 13
                                    


CHAPTER 36 - YOU CAN FEEL NOW HOW I FEEL

__________


"තමුසෙලා කවුද ආආආ..... මාව අතාරිනවා.... මට යන්න දෙනවා......."

"තමුන්ට අපි යන්න දෙනවා අපිට අවශ්‍ය දේ ලැබුණට පස්සෙ....."

ජංගුක් කිව්වෙ තමන්ගෙ අත්ල වටේට සුදු පාට රෙදි කෑල්ලක් ඔතන ගමන්. බ්ලැක් තන්ඩර් මේ වෙලාවෙ හිටියෙ එයාලගෙ අලුත් හිරකාරි ජන්ග් සෝහි එක්ක. කෙල්ලව පැහැරගෙන ආවට පස්සෙ කෙලින්ම තමන්ගෙ ගෙදරට කෙල්ලව එක්කගෙන ආපු ජංගුක් ජිමින් දෙන්නා කෙල්ලට සිහිය එනකම් බලාගෙන හිටියා. සිහිය ආව ගමන්ම කෙල්ල කෑගහන්න ගත්තෙ මෙතන සිද්ධ වෙන දේ තේරුම් ගන්න බැරි වුන නිසා.

කෙල්ලව පුටුවක තියලා ගැටගහලා තිබුණා වගේම කෙල්ල මේ වෙද්දි හිටියෙ වැඩිය එලියක් නොඑන කාමරේක හිර වෙලා. තමන්ගෙ එකම ආදරේට කරපු දේත් එක්ක ජන්සෝල්ගෙ එකම දුවට මීට වඩා හොඳින් සලකන්න ජංගුක්ට ඕන වුණේ නැහැ. සෝහිගෙ කම්මුල් කඳුළු වලින් තෙත් වෙලා තිබුණත් කෙල්ල උත්තර දෙද්දි කෙල්ලගෙ කටින් බයටම ඉකියක් පිට වුනත් ජන්සෝල්ගෙ දුව වෙනුවෙන් නම් ජංගුක් පොඩ්ඩක් වත් සංවේදී වුනේ නැහැ.

"තමුසෙලට මොනවද ඕන ආආ...? මම මේ කිසි දෙයක් ගැන දන්නෑ.... ආහ්.... මට යන්න දෙනවා."

"තමුසෙ ජන්සෝල්ගෙ දුව නේද?"

"ඔව්.... මගේ අප්පා ජන්සෝල් තමයි. ඒ වුණාට එයා ගොඩක් හොඳ කෙනෙක්.... ඇයි ඔයාලා එයා පස්සෙන් පන්නන්නෙ?"

"හහ්........"

සෝහිගෙ කතාවට ජංගුක් කට කොනින් හිනාවුනේ ජන්සෝල්ගෙ හොඳකම මතක් වුන නිසා. තමන් ආදරේ කරන කෙනාව තමන්ට නැති වුනේ... තමන්ගෙ අයගෙ ජීවිත අනතුරේ වැටිලා තියෙන්නෙත් මේ හොඳයි කියන කෙනා නිසාමයි කියලා ජංගුක් හොඳට දන්නවා. කොල්ලා කෙල්ලගෙ කම්මුලට පාරක් ගැහුවෙ තමන්ගෙ හිත මේ වෙද්දි තරහින් පිරිලා තිබුණ නිසා.

"මට කියනවා තමුසෙගෙ මහ ලොකු අප්පා ජීහාව හංගගෙන ඉන්නෙ කොහෙද කියලා...."

"මම දන්නෑ..... මම එහෙම කෙනෙක්ව දන්නෑ..... ආහ්...."

ජංගුක්ගෙන් ආයෙත් පාරක් එල්ල වුන කම්මුල් පාර නිසා සෝහිගෙ තොල පැලිලා ලේ එන්න පටන් ගත්තා. ජංගුක් නපුරු වෙලා.... ගොඩක්..... තමන්ගෙ කෙල්ලට ජන්සෝල් වද දෙන්න ඇත්තෙ මෙහෙමයි කියලා මතක් වෙද්දි ජංගුක්ගෙ ඇස් රතු වෙලා නහරවල් ඉලිප්පිලා තිබුණා. 

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now