Chapter 38

432 90 16
                                    


CHAPTER 38 - GOT THE MEMORY BACK

__________


"සෝහි....... ඔයා බය වෙලා වගේ ඉන්නෙ නැතුව කෑම කන්න....."

ජින් සෝහි දිහා බලලා කියද්දි කෙල්ල ඔලුව වැනුවා. ඒත් සෝහි කොහොමද එහෙම බය නොවී ඉන්නෙ. කෑම කන්න කියලා ජින් කෙල්ලව ඩයිනින් ටේබල් එකට එක්කගෙන ආව වෙලාවෙ ඉඳන් ජංගුක් කෙල්ලගෙ දිහා බලාගෙන ඉන්නෙ බඩගිනි වෙච්ච කොටියෙක් වගේ. 

මුලින්ම කොල්ලට කෙල්ල ගැන තරහයි.... අනිත් එක කෙල්ල ජීහාගෙ ඇඳුමක් ඇඳගෙන ඉද්දි ජංගුක්ට එයාගෙ ආදරේ මතක් වෙනවා. කෙල්ල මොන තත්වයෙන් ඉන්නවද කියලවත් නොදන්න නිසා ජංගුක්ගෙ උගුරෙන් පහලට කෑම ටිකවත් යවාගන්න කොල්ලට ලේසි වුනේ නැහැ. ජින් ආව වෙලාවෙ ඉඳන්ම ජංගුක් දිහා බලාගෙන හිටියත් කොල්ලට මොකුත් කියන්න ජින්ට බැරි වුණා. ජීහා නැතුව ජංගුක් කොච්චර විඳවනවද කියලා ජින් නොදන්නවා නෙවෙයි.

"අහ්ම්......... සෝහි මම ඔයාට අපිව අඳුන්වලා දෙන්නම්..... මේ ඉන්නෙ ජංගුක්..... මගේ මල්ලි.... එතකොට මම ජින්."

"මම කාලා ඉවරයි........."

එකපාරටම ඉඳගෙන හිටපු තැනින් නැගිටපු කොල්ලා කෑගහද්දි කෙල්ල ගැස්සිලා ගියා. ජංගුක් එතනින් නැගිටලා එයාගෙ කාමරේට ගියේ තවත් මෙතන හිටියොත් එයාට එයාව පාලනය කරගන්න බැරි බව දැනගෙනමයි. ජන්සෝල්ගෙ ගෙදරට ජීහා ගිය වෙලාවෙ ජන්සෝල් කෙල්ලට මේ වගේ සලකයිද? කොහෙත්ම නැහැ. එහෙනම් ඇයි ජින් සෝහිට මෙච්චර හොඳින් ඉන්නෙ. ජංගුක්ට තිබුණෙ ඒ ගැන කේන්තියක්.

ජංගුක් යන දිහා බලාගෙන හුස්මක් පහලට දාපු ජින් සෝහිගෙ පැත්තට හැරුනා. කෙල්ල හිටියෙ කෑම එක දිහා බලාගෙන චොප්ස්ටික් දෙකෙන් කෑම ටික එහෙමෙහෙ කරන ගමන්. නොකිව්වට ජංගුක්ගෙ හිතේ තියෙන වෛරය ගැන කෙල්ලට තේරෙනවා. ඒත් ඒ ඇයි කියන්න සෝහි දන්නෙ නැහැ.

"එයා කියන ඒවා ගණන් ගන්න එපා සෝහි. ඔයා ඔය ඇඳගෙන ඉන්න ඇඳුම ජීහාගෙ. ඔයාව දකිද්දි එයාට කෙල්ලව මතක් වෙනවා ඇති."

"කවුද..... ජීහා කියන්නෙ?"

"ජීහා..... ජංගුක්ගෙ වයිෆ්. ජංගුක් එයාට ගොඩක් ආදරෙයි කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මීට ටික දවසකට කලින් ඔයාගෙ අප්පා.... ඒ කියන්නෙ ජන්සෝල් එයාව කිඩ්නැප් කලා."

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now