Chapter 31

480 88 42
                                    


CHAPTER 31 - I LOVE YOU AND I HATE YOU

___________


ජින් එක්ක ගෙදර ඉන්න එක ජීහාට අලුත් අත්දැකීමක් වුණා. කොල්ලා කියන විහිලු කතා වලට හිනාවෙන එක.. ජින් ගෙ රස රස කෑම ජාති කන එකට ජීහා ගොඩක් ආස කලා. සතියක් පුරාවටම මාරුවෙන් මාරුවට ජින් ජිමින් දෙන්නා කෙල්ල එක්ක ගෙදර හිටිය නිසා ජීහාට පාළුවක් දැනුණෙ නැහැ. ඒ වගේම ජීහාට මේ රහස් ගැන හොයන්නත් වෙලාවක් ලැබුණෙ නැහැ.

"අද ජින් ස්පෙෂල් රාබොක්කි......"

ජින් කිව්වෙ රාම්යොන් තොබොක්කි දෙකම එකතු කරලා හදන විශේෂ කෑම පිඟානක් ඩයිනින් ටේබල් එකෙන් තියන ගමන්. අත් දෙකත් පිහදලා ජීහාගෙ ප්ලේට් එකට කෑම බෙදපු ජින් කෙල්ල ලඟින්ම වාඩි වුණා.

"ඒක රසයි ජින් ඔප්පා...... ඇත්තටම ඔයා කොහෙන්ද මෙච්චර රසට කෑම උයන්න ඉගෙන ගත්තෙ?"

"මගේ ඔම්මාගෙන් තමයි ඉතින්. ඔයා දන්නවද ජීහා එයාට ඕනම කෑමක් රසට හදන්න පුළුවන්. මගේ ඔම්මා අපි හැමෝටම ගොඩක් ආදරේ කලා. මම එයාගෙන් මේවා ඉගෙන ගනිද්දි මට අවුරුදු දහ අටක් විතර ඇති."

ජින් කිව්වෙ මූණට ලස්සන හිනාවක් අරගෙන. අප්පා ගැන කෙසේ වෙතත් ඔම්මා ගැන මතක් කරන්න නම් ජින් ගොඩක් ආස කලා. ඒත් ජින්ට තමන්ගෙ ඔම්මා එක්ක ලස්සන ළමා කාලයක් ගත කරන්න අවස්ථාව තිබුණෙ නැහැ. 

"ඔයාගෙ ඔම්මා දැන් කොහෙද ජින් ඔප්පා?"

"එයා නැති වෙලා ජීහා....... දැනට අවුරුදු දහ තුනක් විතර වෙනවා."

"අනේ..... මට සමාවෙන්න ඔප්පා.."

"ඒකට කමක් නැහැ ජීහා...... මම ආසයි කවුරු හරි මගේ ඔම්මා ගැන හොඳ කියනවා අහන්න. හැම දරුවෙක්ම ඒක බලාපොරොත්තු වෙනවා ඇති. මගේ අප්පා ඒතරම් හොඳ කෙනෙක් නෙවෙයි.. ඉතින් එයා ගැන කියද්දි අනිවාර්යයෙන්ම මිනිස්සු මටත් එයාගෙ නමින්ම බැන්නා. ඒත් මම කැමතියි ඔම්මා ගැන කතා කරද්දි වත් ඒ මිනිස්සු හොඳක් කියනවට."

ජින් ගෙ මූණෙ තිබුණෙ හරි වේදනාත්මක හිනාවක්. ජින් තමන්ගෙ ඔම්මට කොච්චර ආදරෙයි ද කියලා ඒ ඇස් වලින්ම පෙනුනා. අප්පා ගැන කතා කරද්දි පවා ජින් ගෙ ඇස් වල වේදනාවක් ඇරෙන්න වෛරයක් තිබුණෙ නැහැ කවදාවත්. ඒ අතින් ජින් හරි පුදුම මනුස්සයෙක්.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now