Chapter 20

575 101 89
                                    


CHAPTER 20 - SHE IS MINE

__________


"එන්න ජීහා....... අපි දැන් යන්න ඕන."

තමන්ගෙ ඇඟට ගුලි වෙලා හිටපු ජීහාව ඈත් කරපු ජංගුක් කෙල්ලගෙ අත් දෙකෙන් අල්ලගත්තෙ අවට වටපිටාව බලන ගමන්. ජන්සෝල්ගෙ මිනිස්සු පාලමේ අනිත් පැත්තට යන්න පටන් ගත්ත නිසා ජංගුක්ට තේරුණා මේක තමයි පැනලා යන්න තියෙන හොඳම වෙලාව කියලා. 

ජීහාගෙ අත තද කරලා අල්ලගත්ත ජංගුක් හැංගිලා හිටපු තැනින් එලියට ඇවිත් පාරෙ දකුණු පැත්තට හැරිලා දුවන්න පටන් ගත්තා. හදිස්සියේ වත් ජන්සෝල්ගෙ මිනිස්සු ඒ පැත්තට හැරුනා නම් මොකක් කරන්නද කියලා ජංගුක්ට හිතාගන්න බැරි වෙයි. මොකද ජංගුක් මේ කරන්නෙ තමන්ගෙ මාෆියා ජීවිතේට අදාලම නැති දෙයක්. 

ජංගුක්ට බෑ කෙල්ලෙක් බේරගන්න යන වැඩේට විතරක් තමන්ගෙ ටීම් එක පාවිච්චි කරලා තමන්ට ඉන්න සීමිත මිනිස්සු ගානත් නැති කරගන්න. ඒත් ජංගුක්ට ජීහාව එහෙම අතෑරලා දාන්නත් බෑ. මොකද ජීහා කියන්නෙ ජංගුක්ට ගොඩක් වැදගත් කෙනෙක්. ඔය හේතු නිසාමයි ජංගුක් ජීහාව බේරගන්න ඇවිත් තමන්ගෙ ජීවිතේ අනතුරේ දාගත්තෙ.

ජීහා එක්ක දුවගෙන ආපු ජංගුක් කාර් එකේ පිටිපස්ස දොර ඇරලා කෙල්ලව ඇතුලට නග්ගලා ඩ්‍රයිවින් සීට් එකට ගියා. මොන දේ කරන්නත් කලින් මෙතන ඉන්න මිනිස්සුන්ව මඟෑරලා ඉන්න ඕන. ජංගුක් තමන්ට පුළුවන් උපරිම වේගයෙන් එතනින් යන්න පටන් ගත්තා. ඒ කියන්නෙ ජංගුක් බුසාන් වලින් ගොඩක් ඈතට යන්න පටන් අරන්.


Time passed ~ 

ජංගුක් ජීහා දෙන්නා එතනින් පැනලා එනකොට වෙලාව රාත්‍රී එකොළහට විතර ඇති. ඒත් දැන් නම් ටිකෙන් ටික ඉර එලිය වැටෙන්න පටන් අරන්. ජීහා එකපාරටම ඇහැරුණේ තමන්ගෙ මූණට වැටෙන ඉර එලිය නිසා. හොඳට නිදාගෙන හිටපු කෙල්ලගෙ මූණට කාර් එකේ ජනෙල් වීදුරුවෙන් වැටෙන එලිය ඕනවට වැඩි වුණා.

ජීහා අමාරුවෙන් ඇස් ඇරලා බැලුවෙ තමන් ඉන්නෙ කොහෙද කියලා ඇති වෙච්ච බයත් එක්ක. එකපාරටම කෙල්ලට අමතක වුණා ජංගුක් තමන්ව බේරගත්ත බව. ටික වෙලාවක් වටපිට බලද්දි තමයි ජීහාට පරණ දේවල් එක එක මතක් වෙන්න ගත්තෙ.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now