Chapter 40

442 89 26
                                    


CHAPTER 40 - NEW PLAN IS ACTIVATED NOW

__________


ජින් හිටියෙ දවල් කෑම ලෑස්ති කරන ගමන්. ජංගුක් ජින්ට කියලා තිබුණා ටේහ්යොන්ග්ගෙන් ජීහා ගැන විස්තර හම්බුනා කියලා. ඉතින් ජංගුක් ලෑස්ති වෙන ගමන් හිටියෙ කොහොම හරි මේ දේවල් හරි ගස්සගන්න. 

ජින් කෑම ලෑස්ති කරනකම් සෝහි හිටියෙ ඩයිනින් ටේබල් එකෙන් වාඩි වෙලා ජින් දිහා බලාගෙන. තමන්ගෙ අප්පා ගැන දැනගත්ත දේවල් එක්ක සෝහිටත් තේරුම් ගන්න පුළුවන් වුනා ජංගුක් මෙහෙම හැසිරෙන එකේ වරදක් නැහැ කියලා. ඒත් කෙල්ලට තාමත් ජින් ගැන තේරුම් ගන්න බැහැ. තමන්ගෙ හතුරෙක්ගෙ දුවෙක්ට පවුලෙ කෙනෙක්ට වගේ සලකන්න පුළුවන් තරම් ජින් කොච්චර විවෘත මනසක් තියෙන කෙනෙක් ද..

"කෑම ටික හදලා ඉවරයි සෝහි...... කන්න පටන් ගමු එහෙනම්.."

ජින් කිව්වෙ සර්වියට් එකෙන් අත් දෙක පිහදලා ඩයිනින් ටේබල් එකෙන් වාඩි වෙන ගමන්. මෙතන ඉන්නෙ කවුද මොන වගේ කෙනෙක්ද කියන එක ජින්ට අදාල වුනේ නැහැ. ඒ කවුරු වුනත් ජින් එයාට මේ විදිහටම සලකයි. ඒ ජීහා වුනත් සෝහි වුනත්. හැබැයි සෝහි නිතරම තමන්ගෙ දිහා බලාගෙන ඉන්න එක ගැන නම් ජින්ට පොඩි අපහසුවක් දැනුණා.

"මිස්ටර් ජින්........."

"මිස්ටර් කියන්න එපා සෝහි.... මට ජින් ඔප්පා කියලා කියන්න. ඔයාට ප්‍රශ්නයක් නැත්තං..."

"අනී..... මට ප්‍රශ්නයක් නෑ ජින්.... ඔප්පා......... මම අහන්න හැදුවෙ ඔයාලා ඉස්සරහට කරන්න යන්නෙ මොනවද කියලා."

"හ්ම්...... ඒ ගැන ජංගුක් බලාගනියි සෝහි. මම එයාගෙ වැඩ වලට ඇඟිලි ගහන්නෑ."

"එහෙනම් මාව බේරගත්තෙ?"

සෝහි එකපාරටම අහද්දි ජින් හිනා වුණා. කෙල්ල හරිම කටකාර කෙනෙක්. හැබැයි තමන්ව පැහැරගෙන ආපු මිනිස්සු එක්ක එහෙම ඉන්න ඕන වුණේ නැති නිසයි කෙල්ල නිහඬව හිටියෙ. හැබැයි දැන් ජීහාට ජින් එක්ක සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් කියලා දැනෙනවා. කොහොමත් තමන් ගැන සමහර දේවල් තමන්ටත් වඩා හොඳට මේ අය දන්නවනෙ.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now