Chapter 12

632 115 79
                                    


CHAPTER 12 - WHAT WE DO NEXT?

__________


ජංගුක් හිටියෙ ඩයිනින් ටේබල් එකේ ඉඳගෙන කෑම ගන්න ගමන්. කෑම කනවා කිව්වට කොල්ලා කලේ ඇපල් ජූස් ග්ලාස් එක අතට තද කරගෙන කල්පනා කරපු එක. තමන්ගෙ ඇස් පෙනීම ලැබුණට පස්සෙ ජීහාව බලාගන්න වැඩේ කරන්න ජංගුක් භාරගත්තා. 

අපි හිතමුකො කොල්ලා එහෙම කලේ බොමීටයි ජීහාටයි තමන් ගැන පැහැදීමක් ඇති කරන්න කියලා. ඒත් ජංගුක් කිව්වෙ නම් තමන්ට අමාරු වෙච්ච වෙලාවෙ උදව් කරපු ජීහා වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලයි.

ඇපල් ජූස් එක එහෙමම බීලා දාපු ජංගුක් ඉඳගෙන හිටපු තැනින් නැගිටලා එක පාරටම උඩ තට්ටුවට දුවන්න පටන් ගත්තා. බොමීට ලෙක්චර්ස් තිබුණ නිසා මේ වෙලාවෙ ගෙදර හිටියෙ ජංගුක් ජීහා දෙන්නා විතරයි. උදේ ඉඳන්ම ඊයෙ රෑ වුන දේවල් ගැන ජීහා මොකුත්ම කිව්වෙ නැහැ. ඒ වගේම කෙල්ලගෙ මේ හොඳ හැසිරීම ගැන ජංගුක්ට තිබුණෙ ප්‍රශ්නයක්.

ඇයි ජීහා තමන්ට වෙච්ච දේ ගැන කලබල නොවී ඉන්නෙ?

ජීහාගෙ කාමරේ දොර ඇරගෙන ඇතුලට ගිය ජංගුක් දැක්කෙ ජීහා තාමත් නිදාගෙන ඉන්න විදිහ. උදේ කෑමෙන් පස්සෙ ජීහා දිගටම නිදාගත්තෙ උණත් එක්ක කෙල්ලගෙ ඇඟට හොඳක් නොතිබුණ නිසා. ජංගුක් හෙමින් සැරේ කෙල්ලගෙ ලඟින් ඉඳගත්තා.

කෙල්ලගෙ කොන්ඩෙ හරහා තමන්ගෙ ඇඟිලි හෙමින් අරගෙන ගිය ජංගුක් ජීහාගෙ රෝස පාට කම්මුල් දිහා බලාගෙන හිනා වුණා. ඒත් වැඩි වෙලාවක් ඒ විදිහට හිනාවෙන්න බැරි වුනේ ජීහා කොල්ලාගෙ පැත්තට හැරෙන්න ගත්ත නිසා.

ඇස් දෙක පොඩි කරලා කොල්ලා දිහා බලපු ජීහා එකපාරටම නැගිටලා ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙද්දි ජංගුක් කෙල්ලට උදව් කලා. ජංගුක්ගෙ මූණෙ තියෙන වරදකාරී බව ජීහා හොඳටම දැක්කා. ඒත් ඒ ඇයි කියන්න ජීහාට හරියටම තේරුනේ නැහැ.

"බනී....... ඔයා මෙතන? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

ජීහා ලාවට හිනා වෙලා අහද්දි ජංගුක් ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න වගේ. ජංගුක් කියන්නෙ නරක කෙනෙක් වුනත් කොල්ලට කීයටවත් ඕන වුණේ නැහැ ජීහාව මේ විදිහට අසරණ කරන්න. ජංගුක්ට තමන්ගෙ මමා පොඩි කාලෙ කියපු දෙයක් මතක් වුනා. ජංගුක්ගෙ මමා කිව්වෙ කොල්ලව හදාගන්න ගත්ත මමා. ජංගුක්ට වෙන මමා කෙනෙක් හිටියෙ නැහැනෙ.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now