Chapter 19

541 110 37
                                    


CHAPTER 19 - FATE WILL NOT US SEPARATE 

__________


ජංගුක් හිටියෙ ඩ්‍රග් ඩීල් එක කරන්න ඕන Sprinkler Stars හොටෙල් එකට වෙලා. වෙලාව රාත්‍රී නවයයි. දවසම එහෙමෙහෙ ඇවිදලා තිබුණු මහන්සිය නිසා ජීහා කලින්ම නිදාගන්න යද්දි ජංගුක්ගෙ වෙලාව ආවා. ඒ තමයි ජංගුක් ජීහාව දකින අන්තිම වතාව.

හොටෙල් ගාඩ්න් එකේ තිබුණ ටේබල් එකකින් ඉඳගෙන හිටපු ජංගුක් ජිමින් වගේම හෝසෝක් බලාගෙන හිටියෙ හරි වෙලාව එනකම්. 

"මොකක්ද යුංගි හ්යොන්ග් කිව්වෙ ඉතාලි ඩීලර්ස්ලා ඇවිත් ද?"

"එයාලා තාම එන ගමන්.... තව විනාඩි දහයක් ඉන්න කිව්වා."

ජිමින් කිව්වෙ පුටුවක් ඇදලා අරන් වාඩි වෙන ගමන්. දැන් නම් ජිමින්ගෙ කකුල හොඳ වෙලා තිබුණෙ. කොහොමත් එහෙම නැති වුනත් ජිමින්ට මේ ගමන එන්නම ඕන වුණේ බ්ලැක් තන්ඩර්ට හිටපු කට්ටිය ගොඩක් අඩු නිසා. ජිමින් අනිවාර්යයෙන්ම මේ වගේ වෙලාවක ජංගුක්ට උදව් කරන්න ඕන.

"ඒක නෙවෙයි...... අර කන්ට්‍රැක්ට් පේපර්ස් අරගත්තද?"

ජිමින් ඇහුවෙ ජන්සෝල් ගාව තිබුණු කන්ට්‍රැක්ට් පේපර්ස් ගැන. ජංගුක් උත්තර දෙන්න පටන් ගත්තෙ කට කොනින් හිනාවෙන ගමන්මයි. කොහොම හරි අන්තිමට ඩීල් එකත් එයාලගෙ අතට එන තැනට වැඩ කරන්න ඕන.

"ජින් හ්යොන්ග් මිනිහාගෙ කකුලට වෙඩි තිබ්බ වෙලාවෙ අපි කන්ට්‍රැක්ට් පේපර්ස් අරගත්තා. මම ඒවා පුච්චලා දැම්මා. තව රිස්ක් එකක් ගන්න බෑ."

"ඒක නම් හරි..... ඔය මිනිහා පේපර්ස් වල කොපීස් තියාගෙන ඉන්නවද දන්නෑ...?"

"ඒවයින් අපිට වැඩක් නෑ.... අනික ඒ මිනිහා නටපු හැටියට මොන කොපීස්වත් නෑ කියලා තමයි පේන්නෙ. කොහොමත්.... අද ඉතාලි ඩීල් එක ඉවර වුනාට පස්සෙ ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ."

ජංගුක් කිව්වෙ හිනාවෙන ගමන්. හිතුවා වගේම ඩීල් එක කරගන්න තිබුණු ලොකුම බාධාව ජන්සෝල් නිසා දැනුත් ජංගුක්ට තිබුණෙ ඒ බය විතරයි. කොයිවෙලේ හරි ජන්සෝල් මෙතෙන්ටත් පැනලා මේ දේවල් අවුල් කරයිද? ඒත් අද ජන්සෝල්ගෙ හෙවනැල්ලක් වත් මේ පැත්තෙ පේන්න නෑ.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now