Chapter 30

479 81 33
                                    


CHAPTER 30 - DEAL CLOSED 

__________


"ඒත් ඩොක්ටර්....... මට හොඳටම විශ්වාසයි මම එහෙම තැනක් දැක්කා කියලා. එතන මගේ යාළුවා බොමීත් හිටියා."

"මට තේරෙනවා ජීහා ඔයා ඉන්න තත්වෙ. ඔයා නිතරම හිතන්නෙ ඔයාගෙ යාලුවා ගැන එහෙම නේද? ඉතින්..... ඔයාට එයාව පේන එක වෙන්න පුළුවන්. මේක මානසික තත්ත්වයක් විතරයි. කලබල වෙන්න එපා."

ඩොක්ටර් නම්ජුන් කියන දේවල් ජීහා අහගෙන හිටියෙ හිස් හැඟීමෙන්. ජංගුක් කියපු විදිහට එයාට ජීහාව හම්බුනේ ලයිබ්‍රි එක ඇතුලෙ සිහි නැති වෙලා ඉන්නකොට. එතකොට ජීහා ආයෙත් පාරක් ගිහින් බලද්දි ලයිබ්‍රි එකේ කලින් තිබ්බා වගේ කිසිම රහස් දොරක් තිබුණෙ නැහැ.

දැන්... ඒ කියන්නෙ පහුවෙනිදා ජීහාව චෙක් කරන්න ආපු ඩොක්ටර් නම්ජුන් කියන විදිහට ජීහා මේ දේවල් හිතෙන් මවාගෙන තියෙනවා. තනියම ඉන්න නිසා.. නිතරම එයාගෙ යාලුවා ගැන මතක් කරන නිසාම ජීහාට මෙහෙම දේවල් මැවිලා පේනවා කියලා පිලිගන්න ජීහාට සිද්ධ වුණා. 

කෙල්ල ගොඩ වෙලාවක ඉඳන් ඩොක්ටර් එක්කත් නම්ජුන් එක්කත් තර්ක කලා. ඒත් තමන් හරි කියලා ඔප්පු කරන්න විදිහක් කෙල්ලට නැහැ. අන්තිමට ජීහාත් අනිත් අය කියන දේ පිලිගන්න තීරණය කලේ මේ දේවල් වලට වාද කරලා කෙල්ලටත් ගොඩක් මහන්සි නිසා.

"ඔයා එහෙනම් ටිකක් රෙස්ට් කරන්න ජීහා. මම දීපු බෙහෙත් ටික ගන්න... ඔය තුවාලෙ සනීප වෙන්න. වෙන ලොකු ප්‍රශ්නයක් නැහැ ඔයාට...."

ඩොක්ටර් නම්ජුන් ලාවට හිනා වෙලා රූම් එකෙන් එලියට ආවෙ ජංගුක් කෙල්ලගෙ ලඟට එද්දි. ජීහා ඉන්නෙ ප්‍රශ්න ගොඩක කියලා ජංගුක් දන්නවා.. ඒත් කොල්ලට ඇත්ත කියන්න බැහැ. කෙල්ලගෙ නලලට තමන්ගෙ තොල් තද කරපු කොල්ලා කෙල්ලගෙ ඔලුව හෙමින් අතගෑවා.

"ටිකක් නිදාගන්න බේබ්........ ඕනවට වඩා හිතන්න යන්න එපා."

ජංගුක් කියද්දි කෙල්ලත් ඇඳෙන් හාන්සි වුනේ ඇස් දෙක පියාගන්න ගමන්මයි. මෙතන මොකක් සිද්ධ වුනත් ජීහාට දැන් ඕන ටිකක් මනස නිදහස් කරගන්න. ජීහාගෙ දිහා විනාඩි දෙක තුනක් බලාගෙන හිටපු ජංගුක් කාමරෙන් එලියට එද්දිම කොල්ලව නවත්තගත්තෙ ඩොක්ටර් නම්ජුන්. නම්ජුන් කොල්ලා එනකම් මෙතන බලාගෙන ඉඳලා.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now