Chapter 4

682 127 125
                                    


CHAPTER 4 - YOU MAKE FEELINGS

__________


වෙලාව උදෑසන අටයි. ජංගුක්ට මූණ හෝදගන්න උදව් කරපු ජීහා කොල්ලා ඇඳුම් මාරු කරගන්නකම් කිචන් එකට වෙලා උදේ කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා. මුල දවස් වලට වඩා දැන් දැන් ජංගුක්ට තනියම තමන්ගෙ වැඩ කරගන්න පුළුවන්. කොහොමත් ජංගුක් කරන්නෙ රඟපෑමක්නෙ.

අදට ජංගුක් ජීහාගෙ ගෙදරට ඇවිත් දවස් හතරක් වෙනවා. කොල්ලගෙ වැඩ වල උදව්වට බොමීව නිතරම ගෙන්න ගන්න වුන නිසා බොමීත් වැඩි හරියක් හිටියෙ ජීහාගෙ ගෙදර කිව්වොත් මම හරි. ජංගුක් ගැන ඒතරම් පැහැදීමක් නැති වුනත් බොමී ජීහාගෙ ගෙදර වැඩි වෙලාවක් ගත කලේ ජීහාව තනි කරන්න තිබුණ බය නිසාමයි. මොකක් හරි හේතුවක් නිසා මේ අලුත් අමුත්තා ගැන බොමීට තාමත් තිබුණෙ සැකයක්.

ඩොක් ඩොක්.........

කිචන් එකට වෙලා පෝර්ක් බෙලී වගයක් බාබකියු දාන්න උත්සාහ කරපු ජීහා තමන්ගෙ අත් දෙක ඒප්‍රන් එකෙන්ම පිහදාගෙන දොර ලඟට ගියේ කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහුන නිසා. දොර ඇරලා බලද්දි ජීහාට දකින්න ලැබුණෙ හුරුපුරුදු කෙනෙක්වම තමයි.

"බොමී....... මොකද මේ මූණ නරක් වෙලා?"

පොත් ටිකකුත් පපුවට තුරුළු කරගෙන බෑග් එකත් එල්ලගෙන ඔහේ බලන් ඉන්න බොමීව කෙල්ලගෙ හිතට පුදුමයක් වුණා. සාමාන්‍යයෙන් බොමී කියන්නෙ මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයි. පැයකට වචන පන්දාහක් විතර ඔහේ කියවගෙන යන පිස්සු කොල්ලෙක්. ඒත් අද කොල්ලට මොකද වෙලා තියෙන්නෙ?

"බොමී..........."

"ජීහා ඩෝටර්...... ගොඩ කාලෙකින්නෙ ඔයාව දැක්කෙ. ඉතින් කොහොමද?"

"මිසිස් සේරා........."

එකපාරටම බොමීගෙ පිටිපස්සෙන් හිටපු මිසිස් සේරාව දකිද්දි නම් ජීහාගෙ හාට් එකත් එකසිය ගානට ගැහෙන්න පටන් ගත්තා. බොමී බයවෙලා ඉන්නෙ සමහරවිට කලින් දවස් වල කොල්ලා ලෙක්චර්ස් කට් කරපු එක ගැන මිසිස් සේරා දැනගෙන නිසා වෙන්න පුළුවන්. ඒත් දෙන්නම උදේ පාන්දර මෙහෙට ආවෙ මොකටද?

"මිසිස් සේරා....... මම හොඳින් ඉන්නවා. ආහ්...... ඇයි මේ හදිස්සියේම?"

"මම මෙහෙට ආවෙ පොඩි දෙයක් දැනගන්න ජීහා ඩෝටර්. මම ඇතුලට ආවට කමක් නැද්ද?"

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now